fishing trawler 6මිට මාස 05ට පමණ ඉහත සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් හලාවත මුහුදෙන් අරාබි මුහුදට ධීවර කටයුතු සදහා පිටත්ව ගිය ලෝරන්ස් පුතා බහු දින යාත්‍රාව සහ එහි ධීවරයන් සෝමාලියන් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහනයට හසුවිය

පසුව සීසෙල්ස් වෙරළ ආරක්ෂක හමුදාව විසින් එම යාත්‍රාව හා ධීවරයන් මුදාගෙනගන්නා ලදි. පසුව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ මැදිහත් විම මත සීසෙල්ස් රජය සමග ගනුදෙනු කර එම ධීවරයන් හා බෝට්ටුව මුදවා ගත් අතර සති 2 පෙර  එම ධීවර යාත්‍රාව, ශ්‍රි ලංකාව බලා යාත්‍රා කිරිම ආරම්භ කර තිබුණි. 2024.06.23 දින දික්ඕවිට ධීවර වරායට ලගා වු මෙම යාත්‍රාවෙහි ධීවර පිරිසගෙන් නාවික හමුදාව කට උත්තර ලබා ගැනිමෙන් පසු  ඔවුන් සහ ධීවර යාත්‍රාව මුදා හරින ලදි.

එ අනුව එම ධීවරයන් ඊයේ සිය නිවෙස් බලා තම ඥතින් සමග පිටත්ව ගිය අතර එම ඥතින් ප්‍රකාශ කලේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තමන්ගේ ඉල්ලිම් ගැන ඇහුම්කම් දි  සිය ඥතින් සීසෙල් රජයෙන් මුදවා ගැනිම සදහා මැදිහත් වු බවත් එතුමා මේ පිළිබදව කැබිණට් මණ්ඩයේ අවදානයට ලක්කොට විදේශ අමාත්‍යංශය හා එක්ව කැබිනට් පත්‍රිකාවක් සකස් කොට සීසෙල් රජය වෙත යවමින් එම ධීවරයන්ගේ සියලු වගකිම් භාරගෙන ඔහුන් මුදා හැරිමට සීසෙල් රජයෙන් ඉල්ලිමක් කල බවත් ඒ අනුව මේ නිදහස තම ඥතින්ට හා එම ධීවර යාත්‍රාවට ලැබුණ බව ප්‍රකාශ කලේය. තවද මෙම කාලය තුල සීසෙල්ස් අත්අඩංගුවේ සිටි ධීවරයන්ගේ නඩත්තුව සදහාද අමාත්‍යවරයාගේ මැදිහත් විම මත ආධාර උපකාර ලැබුණ අතර තමන්ගේ ජිවන උපාය රැක ගැනිමටද උදව් උපකාර ලැබුණු බවත් එම ධීවරයන්ගේ ඥාතීන් විසින් පැවසු අතර ඒ පිළිබද  අමාත්‍යවරයාට සිය ස්තුතිය පුදකරන බවද ප්‍රකාශ කර සිටියහ.   

නවතම පුවත්

Youtube