යාපනයේ කයිට්ස් දුපත් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගාව ආරම්භ කිරීමට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් දෙන්නැයි ප්‍රදේශයේ වගාකරුවන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
යාපනය කයිට්ස් දුපත් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගා කටයුතු වල පවතින අඩුපාඩු හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ ඉල්ලීම කර තිබෙනවා.
උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට ධීවරයන් මෙන්ම ව්‍යාපාරිකයන්ද උනන්දුවක් දක්වන අතර රටට විදෙස් විනිමය ගෙන එන මේ මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රචලිත කිරීම යෝග්‍ය බවද මේ වගාකරුවන් එහිදී පෙන්වා දී තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වු ධීවර අමාත්‍යවරයා අවධාරණය කළේ, උතුරු නැඟෙනහිර ධීවරයන් අමතර ආදායම් මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගා කිරීමට යොමු වෙමින් සිටින බවයි.මේ තුළින් ඔවුන්ගේ ආදායම් තත්ත්වයද වැඩි වී තිබෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඒ නිසා කයිට්ස් ප්‍රදේශයේ පමණක් නොව උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ට කඩිනමින් අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.