WhatsApp Image 2024 12 27 at 12.36.41 1ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අතර ඵලදායී හමුවක් 20 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

තිරසර සංවර්ධනය සඳහා සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ධීවර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර පවතින ශක්තිමත් ඓතිහාසික සබඳතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

ඔවුන් මෑතකදී යාපනයේ කළ සංචාරයක අත්දැකීම් මෙහිදී බෙදාහදා ගත් අතර, උතුරේ සුන්දරත්වයත්, යාපනයේ කකුළුවන් වෑංජන රසවිඳීමේ සිය පළමු අත්දැකීමත් මෙහිදී ප්‍රීතියෙන් සිහිපත් කළාය.

හවුල්කාරී ඇගයීම සහ සහයෝගීතාව තුළින් ජාතීන් අතර සංස්කෘතික සහ කළාපීය සුවිශේෂත්වය මෙහිදී අවධාරණය කරන ලදී.

බෝට්ටු සහ සමුද්‍ර උපකරණ නිෂ්පාදනයේ පුරෝගාමී රජයේ ව්‍යවසායයක් ලෙස 1967 දී පිහිටුවන ලද Cey-Nor Foundation Limited හි ප්‍රධාන කාර්යභාරය ඇතුළු ජාතීන් දෙක අතර දිගුකාලීන සහයෝගීතාවය පිළිබඳ අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ කළේය.

නෝර්වේජියානු රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සහයෝගයෙන් සංවර්ධනය කළ මෙම ආයතනය ජාතීන් දෙක අතර පවතින කල්පවත්නා විශ්වාසය සහ හවුල් වටිනාකම් පිළිබිඹු කරන්නකි.

ශීත කාමර පහසුකම්, ධාරිතාව ගොඩනැගීම ඇතුළු ශ්‍රී ලංකාවේ ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ධීවර ක්ෂේත්‍රයේ ඵලදායිතාව සහ වටිනාකම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සැකසුම් පහසුකම් කාර්යක්ෂමව භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමු විය. ධීවර ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් කිරීමට සහ තිරසාර ප්‍රගතියක් ලබා ගැනීමට දෙපාර්ශවයම කැපවී සිටින බව මෙහිදී යළිත් තහවුරු කළහ.

එසේම අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, නෝර්වේ හි ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට උතුරේ සංවර්ධනයට සහභාගී වන ලෙස විශේෂ ආරාධනයක් කළ අතර, කළාපීය සංවර්ධනය සහ ආර්ථික ප්‍රගතිය පෝෂණය කිරීමේදී ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන මුලපිරීම්වල කාර්යභාරය අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා නවදිල්ලියේ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Johan Bjerkem, ධීවර අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් බී. කේ. කෝලිත කමල් ජීනදාස ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී විය.

WhatsApp Image 2024 12 27 at 12.36.42 1

Youtube