WhatsApp Image 2025 01 27 at 14.27.03

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී  ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමත්, ධීවර අංශයේ සංවර්ධන අවස්ථා ගවේෂණය කිරීමත් පිළිබඳ අවධානය යොමු විය.

ධීවර කර්මාන්තය තුළ ඒකාබද්ධ ව්‍යාපෘති ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාවේ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පාකිස්තානයේ සූදානම පිලිබඳව මහකොමසාරිස්වරයා පැහැදිළි කළේය.

ශ්‍රී ලංකා - පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම තුල ඇති අවස්ථා නිසි ලෙස ශ්‍රී ලංකාව භාවිතයට ගෙන නැති බවත්, පාකිස්ථානය තුළ තිලාපියා මත්ස්‍ය වර්ගයට පවතින ඉහළ ඉල්ලුම සැපිරීමට පාකිස්ථානයට නොහැකි බැවින්, එම ඉල්ලුම සැපයීමට ශ්‍රී ලංකාවට හැකිනම් ශ්‍රී ලංකා පාකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම හරහා තිලාපියා මත්ස්‍යයන් අපනයනය කිරීම සිදු කළ හැකි බවත් පාකිස්ථානු මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

පාකිස්ථානයේ ජෛව තාක්‍ෂණය පිළිබඳ උසස් විශේෂඥතා දැනුම ලබා දීමෙන්  සහ ධීවර අංශයේ නවෝත්පාදන තුලින් මෙරට ධීවර ක්ෂේත්‍රය තුළ තිරසාරභාවය ඇතිකිරීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරිමේ හැකියාව පිළිබඳවද මෙහිදී  සාකච්ඡා කෙරිණි.

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් ඉෆ්තිකාර් හුසේන්, වෙළඳ හා ආයෝජන අනුයුක්තික මහවාෂ් සාමි, ධීවර අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී විය.

WhatsApp Image 2025 01 27 at 14.27.04 1

WhatsApp Image 2025 01 27 at 14.27.04

WhatsApp Image 2025 01 27 at 14.26.56 

Youtube