WhatsApp Image 2025 01 29 at 14.21.57

ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති  රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 28 වන දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිවයින පුරා සිටින ධීවර ප්‍රජාව නියෝජනය කරමින් දිස්ත්‍රික් නියෝජිතයින් මෙම රැස්වීම සඳහා එක්ව සිටියහ. ජාතික ධීවර සම්මේලනයේ මෙතෙක් පුරප්පාඩුව පැවති ප්‍රධාන ලේකම් ධුරය සඳහා ලියනගමගේ අජන්ත කුමාර මහතාව ඒකමතිකව තෝරා පත් කරගැනීම ද මෙහි සුවිශේෂී අවස්ථාවක් විය. ධීවර  සම්මේලනයේ නායකත්වය ශක්තිමත් කිරීම සහ එහි අනාගත සැලසුම් මෙහෙයවීම සාර්ථක කර ගැනීමට නව ප්‍රධාන ලේකම්වරයා කටයුතු කරනු ඇතැයි අපේකෂා කෙරේ.

ධීවර ප්‍රජා නායකයින් සහ මණ්ඩල සාමාජිකයින් හට තම කර්මාන්තය කරගෙන යාමේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු සහ ප්‍රධාන අභියෝගය පිළිබඳව සාකච්ඡා කිරීමට ද මෙහිදී අවස්ථාව උදා කර දී තිබු අතර ධීවර ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම සහ එහි තිරසාර ප්‍රගතිය සහතික කිරීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද දීර්ඝ ලෙස අදහස් සහ යෝජනා ඉදිරිපත් කෙරිණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

WhatsApp Image 2025 01 29 at 14.23.01

WhatsApp Image 2025 01 29 at 14.22.17

WhatsApp Image 2025 01 29 at 14.22.51

Youtube