ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා දෙවිනුවර පුරානවැල්ල ධීවර වරායේ ඇති ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී බණ්ඩාර මහතා සහ අනිකුත් නිලධාරීන් සහභාගී විය.
නිරීක්ෂණය සඳහා එක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා වරාය ප්‍රදේශයේ ඇති ප්‍රධාන ගැටළු පිළිබඳව අවධානය යොමු කළ අතර, වරායේ ඉන්ධන පිරවුම්හලේ පොම්ප දෙකක් කැඩී ඇති බව හදුනාගෙන අදාල කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡා කර ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබාදිය යුතු බවට තීරණය කළේය. එහිදී යාත්‍රා සඳහා පියර් එකට ඇතුළුවීමේදී මාර්ග බාධකයක් ලෙස ඇති කළු ගල ඉවත් කිරීමේ අවශ්‍යතාවයද හඳුනා ගන්නා ලදී.
වරාය ආලෝකකරණය, වරාය ආශ්‍රිත කැළිකසළ ප්‍රශ්නයට ස්ථීර විසැඳුම් සහ ධීවර ප්‍රජාවගේ සනීපාරක්‍ෂක පහසුකම් සම්බන්ධ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවද සාකච්ඡා වූ අතර, වරාය ආසන්නයේ තවත් ජැටියක් ඉදිකිරීමේ අවශ්‍යතාවය සම්බන්ධවද අවධානය යොමු කරන ලදී.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
"අපේ රජයේ බලයට පත්වුණාට පස්සේ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව තියෙන ඉදිරි වැඩ කටයුතු වලට අදාළ සැලසුම් සකස් කර ගන්න අපි සෑම වරායකටම ඒ වගේම නැංගුරම්පොලකට, තොටුපලකටම, ඒ වගේම රට අභ්‍යන්තරයේ ජලාශ සඳහා නිරීක්ෂණ චාරිකාවක නියැලෙනවා. අද අපි උදෑසන මිරිස්සෙන් ආරම්භ කරා දැන් අපි දෙවිනුවර වරායට ආවා අපි ධීවර වරායේ කළමනාකරණය සහ අදාළ පාර්ශවයන් ඒ වගේම ධීවර ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරා. අඩු පාඩු කම් ගැන අපි අවධානය යොමු කලා අපිට ඉදිරි අවුරුදු පහට සැලැස්මක් තියෙනවා. ඒ රටේ සියලු ධීවර වරායවල්, නැංගුරම්පොළවල්, තොටුපලවල සාධනීය මට්ටමට ගේනවා. ඒ සඳහා දෙවිනුවර වරායත් අපි අන්තර් ගත කරලා තියනවා. ඒ අනුව පියවරෙන් පියවර මේ වරාය වැඩි දියුණු කරන්න අපි අමාත්‍යාංශ වශයෙන් මැදිහත් වෙනවා"