en banner

WhatsApp Image 2025 05 08 at 17.44.38ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍යාංශ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් අතර හමුවක් අද (මැයි 8, 2025) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පුළුල් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

මෙරටින් දකුණු කොරියාවට දැනට සිදු කෙරෙන මත්ස්‍ය අපනයනය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන්ම blast freez කිරීම මඟින් (-20°C) ශීත කළ තත්ත්වයෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින බව පෙන්වා දෙන ලදී. ඉදිරියේදී දේශීය මිල ගණන් ගැලපීමෙන් අනතුරුව, ලංකා ධීවර සංස්ථාව (CFC) සමඟ එක්ව මෙම අපනයන ක්‍රියාවලිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම, දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ රැකියා සම්බන්ධයෙන් පවතින අභියෝග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. දැනට E-9 වීසා යටතේ පිටත්ව යන බොහෝ දෙනා වෙරළබඩ ප්‍රජාවන්ට අයත් නොවීම හේතුවෙන්, ඔවුන් රැකියා අත්හැර නීති විරෝධී ලෙස රැඳී සිටීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇත. මෙම තත්ත්වය අවම කිරීම සහ ධීවර ක්ෂේත්‍රයට වඩාත් ගැළපෙන පුද්ගලයින් යොමු කිරීමේ අරමුණින්, ධීවර පවුල්වල තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ ස්ථාවර රැකියා අවස්ථා උදාකර දීම පිළිබඳව පෞද්ගලික ආයෝජකයින් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කරන ලදි.

තවද, මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් ලංකා ධීවර සංස්ථාවේ මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඉහළ තාක්ෂණය හා ධාරිතාවයකින් යුත් නෞකා කිහිපයක් ලබා දෙන ලෙස අදාළ කොරියානු ආයතනයෙන් ඉල්ලීමක් කරන ලදි.

මෙම හමුව සඳහා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2025 05 08 at 17.44.37 1

WhatsApp Image 2025 05 08 at 17.44.37

 

Youtube