en banner

WhatsApp Image 2025 05 20 at 19.56.57

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ  සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.

කෝලිත කමල් ජිනදාස මහතා දකුණු ආසියානු කලාපීය එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති කාර්යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයෙකු ලෙසද, ධීවර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.

ඔහු රසායනික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිධාරියකු මෙන්ම ධීවර තත්ත්ව කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ඩිප්ලෝමාධාරියකු ද වෙයි. 

Youtube