ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, එම දිස්ත්‍රික්කයේ පුළුල් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බදුල්ල දිස්මෙම චාරිකාවට ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාද එක් විය.
මහියංගණය, සොරබොර වැවෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යතුමා, එහිදී දැනට ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ජනතාව සමග අදහස් හුවමාරු කර ගත්තේය. මෙවර අයවැයෙන් මිරිදිය ධීවර කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කර ඇති බවද මෙහිදී ඔවුන්ට දැනුම් දෙන ලදී.
තවදුරටත්, මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්හිටිය - රත්කිඳ ජලාශයේ සංචාරය කළ අමාත්‍යතුමා, ධීවර කර්මාන්තයට බාධාවක් වන ලෙස වැඩී ඇති ඇල්ගී විශේෂයක් සම්බන්ධයෙන් පරීක්ෂා කළේය. එමෙන්ම, ජලාශය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී. මෙම ජලාශයේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය "මසුන් ජලාශයෙන් පිටවීම වැළැක්වීමට යොදන බාධක දැලක් (Barricade Net)" ස්ථාපිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන්ද නිරීක්ෂණ සිදු කරන ලදී.
මෙම චාරිකාවේ විශේෂ අවස්ථාවක් ලෙස, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ආරාධනාවක් මත, නියෝජ්‍ය අමාත්‍යතුමා වන්නිල ඇත්තන් හමුවී මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහිදී, ආදිවාසී ධීවරයින්ට මාදුරු ඔයේ ධීවර කර්මාන්තයේ නියැලීමට තොටුපොළක අවශ්‍යතාවය වන්නිල ඇත්තන් විසින් පෙන්වා දෙන ලදී. ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගනිමින් එම ධීවර තොටුපළ ආරම්භ කිරීමට ඇති විභවතාවයන් පිළිබදව සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍යතුමා එකඟතාවය පළ කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවන් මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තයේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසීය. මෙමගින්, මිරිදිය ධීවර කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කැපවී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.