ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කිමිදුම්කරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
ධීවර අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සමස්ත කිමිදුම්කරුවන් නියෝජනය කරමින් මෑත කාලයේ පැවැත්වුණු පළමු රැස්වීම මෙය බව කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ සඳහා ධීවර දිස්ත්‍රික්ක 5ක් නියෝජනය කරමින් උතුරු, නැගෙනහිර සහ දකුණ ඇතුළු සියලුම දිස්ත්‍රික්කවලින් නියෝජිතයන් පැමිණ සිටි අතර, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙහිදී හැකියාවක් ලැබුණි. එහිදී කිමිදුම්කරුවන් විසින් කරුණු රාශියක් ඉදිරිපත් කරන ලදී.
දිවයින පුරා 5,000කට අධික කිමිදුම්කරුවන් විසිතුරු මසුන් ඇල්ලීම, පොකිරිස්සන් ඇල්ලීම, හක්බෙල්ලන් සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි විදේශ විනිමය උපයන කර්මාන්තවල නිරත වෙමින් ජීවනෝපාය සලසා ගනිති. රටට බරක් නොවන, ස්වේච්ඡාවෙන් තම රැකියාවල නිරත වන මෙම පිරිසගේ ගැටලු සාකච්ඡා කිරීම සහ නව යෝජනා ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
ප්‍රධාන සාකච්ඡා වූ කරුණු:
බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය : කිමිදුම්කරුවන් විසින් දැනට පවතින බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යතුමා ඉල්ලා සිටියේය. 2026 වසරේ සිට කිමිදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
බෙන්ඩ්ස්' රෝගී තත්ත්වයට ප්‍රතිකාර : අධික ගැඹුරට කිමිදීමේදී ඇතිවන 'බෙන්ඩ්ස්' වැනි රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මිල අධික 'ඩිකොම්ප්‍රෙෂන්' යන්ත්‍රයක් රජය සතු රෝහල්වල තවත් ස්ථාපිත කරන ලෙස කළ ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍යතුමා එකඟ විය. මෙය ඉදිරි අයවැයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.
කිමිදුම් උපකරණ සඳහා බදු සහන : කිමිදුම් උපකරණ සහ ආම්පන්න සඳහා පනවා ඇති ආනයන බදු සහ සුඛෝපභෝගී බදු ඉවත් කර සහනදායී මිලට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස කළ ඉල්ලීමට අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කරන බවට පොරොන්දු විය.
විදේශ රැකියා අවස්ථා : කිමිදුම්කරුවන් සඳහා විදේශයන්හි පවතින රැකියා අවස්ථා සොයා බැලීම සම්බන්ධයෙන්, විධිමත් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට එකඟතාව පළ විය.
සාගර සංචාරක ව්‍යාපාරය සහ පිරිසිදු කිරීම : සාගර පතුලේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට කෘත්‍රිම පරිසර පද්ධති ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම, විනාශ වී ඇති කොරල් සහ මුහුදු පතුලේ ඇති අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වීමට කිමිදුම්කරුවන් ඉදිරිපත් වූ අතර, එය අගය කළ නියෝජ්‍ය අමාත්‍යතුමා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය.
ට්‍රෝලින් යාත්‍රා සහ මුහුදු පරිසර සංරක්ෂණය : උතුරේ ඉන්දීය ට්‍රෝලින් යාත්‍රා නිසා මුහුදු පතුල සහ මත්ස්‍ය වාසස්ථාන විනාශ වීම වැළැක්වීමට මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා සිටි අතර, කෘත්‍රිමව කොරල් වගා කිරීම සහ මසුන් බෝවන ස්ථාන වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමට එකඟතාව පළ විය. මේ සඳහා සුදුසු ස්ථාන පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස කිමිදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
තහනම් පන්නක්‍රම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන : රාත්‍රී කාලයේ කිමිදීම සහ විදින තුවක්කු භාවිතයෙන් මසුන් ඇල්ලීම වැනි දැනට තහනම් කර ඇති සමහර පන්නක්‍රම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන්, නාරා ආයතනය විසින් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යතුමා උපදෙස් දුන්නේය. එම වාර්තා මත පදනම්ව තීරණ ගනු ඇත.
නීති විරෝධී ධීවර කටයුතු : පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම ඇතුළු සියලුම නීති විරෝධී ධීවර කටයුතු නැවැත්වීම සඳහා ආරක්ෂක අංශ සමඟ ඉදිරියේදී කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසීය. දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට කිමිදුම්කරුවන්ගේ නියෝජිතයින්ට සහභාගී වී ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන බවටද පොරොන්දු විය.
මෙම සාකච්ඡාවේ ප්‍රගතියත් සමඟ ඉදිරියේදී නැවතත් කිමිදුම්කරුවන්ගේ සංගම් සමඟ සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවසන් වශයෙන් පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරුසිංහ මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (නාරා - NARA) නිලධාරීන්ද සහභාගී වූහ.