බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ දෙන ගැටළු සහ ඔවුන්ගේ යෝජනා විමසීම වෙනුවෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග පසුගිය දා ධීවර අමාත්‍යංශයේ දී සාකච්ඡාවක නිරත විය.
මෙහි දී යාත්‍රා නිරීක්ෂණ පද්ධති හෙවත් VMS යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය සහ බහුදින ධිවර යාත්‍රා සදහා VMS යන්ත්‍ර වල අවශ්‍යතාවය පිලිබදව රාජ්‍ය අමාත්‍යවරයා බහුදින ධීවර යාත්‍රා හිමියන් දැනුවත් කරන ලදී.
මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවි කිරීම හරහා සියලුම බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන අතර, මහ මුහුදේ සිදුවන මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි නීති විරෝධී කටයුතුවලට වැටබැදිම ද මෙමගින් විශාල පිටිවහලක් වන බවද පෙන්වාදෙන ලදී.
පසු අස්වනු හානිය අවම කරගනිමින් මත්ස්‍ය අස්වැන්න ගොඩබිමට රැගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා ධීවර කාර්මිකයන් පුහුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද තම අවධානය යෙමු කරන ලදී.
මෙහිදී බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ යෝජනා සහ අදහස් වෙනුවෙන් ගතහැකි ප්‍රායෝගික විසදුම් කඩිනමින් ලබාදීමටද රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා එකග විය.