ඉන්දීය පෞද්ගලික ආයෝජකයන්ගේ සහභාගීත්වයෙන් මුහුදු කූඩැල්ලන් වගා බිම් සදහා අවශ්‍ය මුහුදු කූඩැල්ලන් පැටවුන් ඇති කිරීමේ හා මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානය ඉදි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ඔලෙයිතොඩුවායි පිහිටි කූඩැල්ලන් අභිජනනාගාර මධ්‍යස්ථානයේදී අද දින (2022.10.14) පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ඉන්දීය පෞද්ගලික ආයෝජකයින්ගේ අත්දැකීම් සහ නවීන තාක්ෂණය යොදා ගනිමින් මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානය හා පැටවුන් වර්ධනය කිරීමේ මධ්‍යස්ථානය සම්බන්ධව සවිස්තරාත්මකව විමසා බැලීමක් සිදු කරන ලද අතර ධීවර කර්මාන්තයේ නියුතු ජනතාවට තිරසාර ආර්ථිකයක් බිහි කිරීමේ අරමුණින් සිදුකරනු ලබන මෙම මුහුදු කූඩැල්ලන් වගා ව්‍යාපෘති සදහා ඉන්දීය අයෝජකයන්ගේ සහාය ලබා දෙනු ලබන්නේ මුහුදු කූඩැල්ලන් සදහා වන ජාත්‍යන්තර ඉල්ලුම වැඩි අවස්ථාවක්දී මෙම සාකච්ඡාව සිදුකිරීම විශේෂත්වයකි.
මන්නාරම ඔලයිතොඩුවායි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයේ කටයුතු සියැසින් දුටු ඉන්දීය පෞද්ගලික ආයෝජකයින් එම මධ්‍යස්ථානයේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම විශේෂත්වයකි.