en banner

WhatsApp Image 2026 05 18 at 19.16.13 1දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ, හික්කඩුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සහ වෘත්තීය කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ජීවිතාරක්ෂක කබා (Life Jackets) සහ අනෙකුත් ආරක්ෂක උපකරණ බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 15 වන දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයන ධීවර ප්‍රජාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. මුහුදු ගමන් අතරතුර සිදුවන හදිසි අනතුරු අවම කරමින්, වඩාත් සුරක්ෂිත වෘත්තීය වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා මෙම උපකරණ ප්‍රදානය කිරීම මනා පිටුවහලක් වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම වැඩසටහන හරහා ධීවර ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටත්, ඔවුන්ගේ සුභසාධනය ඉහළ නැංවීමටත් අපේක්ෂිතය. විශේෂයෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද, නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සිය රැකියාවේ නිරත වීමට මින් ධීවරයින්ට අවස්ථාව උදා වේ.

මෙම අවස්ථාව සඳහා හික්කඩුව නගර සභාවේ නගරාධිපති යසස්වින් ගොඩකන්ද මහතා ඇතුළු හික්කඩුව නගර සභාවේ මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 05 18 at 19.16.26

WhatsApp Image 2026 05 18 at 19.17.05

WhatsApp Image 2026 05 18 at 19.16.43

Youtube