en banner

WhatsApp Image 2026 05 19 at 18.31.11බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර පද්ධතියේ ධීවර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ ‘BOBLME II’ ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම (3rd Regional Project Steering Committee Meeting) අද (19) මීගමුව ජෙට්වින් සී (Jetwing Sea) හෝටලයේදී ආරම්භ විය.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා අවධාරණය කළේ, සාගර කලාපයේ පවතින අභියෝග ජය ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය අත්‍යවශ්‍ය බවයි.

මෙහිදී අදහස් දැක්වූ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය: “බෙංගාල බොක්ක යනු ලොව වැදගත්ම සාගර පද්ධතියක් වන අතර එය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය තීරණය කරනවා. මත්ස්‍ය සම්පත අධිපරිභෝජනය, සාගර දූෂණය සහ නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing) වැනි අන්තර් දේශසීමා ගැටලු විසඳීමට තනි රටකට පමණක් හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාව මේ වන විට කැබිනට් අනුමැතිය ලත් ‘ජාතික ධීවර ප්‍රතිපත්තියක්’ ක්‍රියාත්මක කරමින් සිටින අතර, විද්‍යාත්මක දත්ත මත පදනම් වූ කළමනාකරණයක් හරහා සාගර සම්පත් සුරැකීමට අපි උපරිමයෙන් කැපවී සිටිනවා.”

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), IUCN, නෝර්වේ (NORAD), SEAFDEC සහ GEF වැනි ජාත්‍යන්තර ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් කලාපීය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.

අද සහ හෙට (20) මීගමුවේදී පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡාවලින් අනතුරුව, මෙලෙස පැමිණි විදේශීය නියෝජිත පිරිස ලබන 21 සහ 22 යන දිනවලදී යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විශේෂ ක්ෂේත්‍ර චාරිකා මාලාවකට එක්වීමට නියමිතය. එහිදී යාපනයේ මුහුදු කකුළුවන් වගා බිම් (Sea Cucumber farms) නිරීක්ෂණය කිරීමටත්, මන්නාරමේ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතයේ ධීවර ප්‍රජාව හමුවීමටත් කටයුතු සූදානම් කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

WhatsApp Image 2026 05 19 at 18.31.14 1

WhatsApp Image 2026 05 19 at 18.31.12

WhatsApp Image 2026 05 19 at 18.31.13

WhatsApp Image 2026 05 19 at 18.31.13 1

WhatsApp Image 2026 05 19 at 18.31.13 2

WhatsApp Image 2026 05 19 at 18.31.14

Youtube