en banner

ආයෝජන අවස්ථා

15,000 කට වැඩි ආයෝජන අවස්ථා

මෙහි ක්ලික් කරන්න

ජාත්‍යන්තර අනුකූලතාවය

සමුද්‍ර මත්ස්‍ය කර්මාන්තය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම

මෙහි ක්ලික් කරන්න

ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තිය

දැක්ම

ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.

අනතුරු ඇඟවීම්
මෙහි ක්ලික් කරන්න
මුහුදු සුරක්ෂිතතා චර්යාධර්ම
මෙහි ක්ලික් කරන්න
වගකිව යුතු ධීවර කටයුතු සඳහා චර්යාධර්ම පද්ධතිය
මෙහි ක්ලික් කරන්න
29
ජන2025
ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම

ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...

14
ජන2025
තෛපොංගල් උත්සව සැමරුම

තෛපොංගල් උත්සව සැමරුම

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

19
ජූනි2024
ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත් හිඳල්ලආරච්චි මහතා පත් කරයි.

ලංකා ධිවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සුරංග ප්‍රශාත්...

ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...

29
ජන2024
දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර, ධීවර නිෂ්පාදන තත්ත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් විවෘත කරයි

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක...

දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.

අප සම්බන්ධ කරගන්න

නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා

  • +94 112 446 183 / 4
  • +94 112 541 184
  • info[at]fisheries.gov.lk

ඔබේ ගැටළු අපට කියන්න

piyal

ගරු. පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා

රාජ්‍ය අමාත්‍ය

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය

දුරකථනය  : +94 112 446 188
ෆැක්ස්  :  +94 112 446 187
විද්යුත් තැපෑල  :  stateminister[at]fisheries.gov.lk

එච්. එම්.පියල් නිශාන්ත ද සිල්වා (උපත 1970 ජූනි 30) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

අධ්‍යාපනය

පියල් නිශාන්ත මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ අලුත්ගම ජාතික පාසලෙනි. ඉන් පසු ඔහු දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා 1993 දී දෘශ්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු බවට පත්විය. 

දේශපාලන ජීවිතය

පියල් නිශාන්ත මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1996 වසරේ කළුවාමෝදර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තේරීපත්වමිනි. 1997 දී බේරුවල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ඔහු 2006 දී බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත් විය. 

2009 දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. 2015 දී ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ද තරඟ කර ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2020 අගෝස්තු 12 වන දින, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු කැබිනට් මණ්ඩලයේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

  • 2022 සැප්තැම්බර් 08 වැනි දින ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවන කැබිනට් මණ්ඩලය යටතේ ධීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
  • 2020  වසරේ - ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී
  • 2015 - ශ්‍රී ලංකාවේ 15 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍
  • 2014 - බස්නාහිර පළාත් සභා මන්ත්‍රී
  • 2009 - බස්නාහිර පළාත් සභා මන්ත්‍රී
  • 2006 - සභාපති, බේරුවල ප්‍රාදේශීය සභාව
  • 2001 - විපක්ෂ නායක, බේරුවල ප්‍රාදේශීය සභාව
  • 1997 - බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී
  • 1996 - කළුමෝදර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්
FaLang translation system by Faboba
Youtube