en banner

miniවඩමාරච්චි තාලයඩි ගම්මානයේ ඉදිකරන කරදිය පානීය ජල ව්‍යාපෘතිය හරහා යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය 19 වන දින නිරික්ෂණය කළ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම ව්‍යාපෘතීයේ කටයුතු පිළිබඳව ප්‍රංශ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදි.  

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු  ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යධාර මත, ප්‍රංශයට අයත් ස්වීස් සංවිධානයක් මඟිනි. මිලියන 145,000ක වියදමින් ඉදිකරගෙන යන මෙම ව්‍යාපෘතිය හරහා දිනකට පානීය ජල ලීටර 24,000,000ක් (දෙකෝටි හතලිස් ලක්ෂයක්) පමණ නිපදවා යාපනය හා කිලිනොච්චි යන දිස්ත්‍රික්ක වල ගම්මාන සදහා එම ජලය බෙදාහැරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතිය මෙම වර්ෂය අවසානයේ නිම කිරීමට බලාපොරොත්තු වන අතර , පළමු අදියරයේදී මීසාලේ ගම්මාන දක්වා මෙම ජලය බෙදා හැරීමට නියමිතයි.

මේ අතර තාලයඩි, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ධීවර සම්මේලනයට ලබාදීම වෙනුවෙන්, රුපියල් ලක්ෂ පනස් අටක් වියදමින් ඉදිකරන ලද අයිස් නිෂ්පාදනාගාරය හරහා දිනකට අයිස් කැට කිලෝග්‍රෑම් 5000 නිපදවීමට බලාපොරොත්තු වන අතර, මේ වෙනුවෙන් විදුලිය ලබාගැනීමට අවශ්‍ය සූර්ය බල ශක්ති පද්ධති ද තාලයඩි අවට ප්‍රදේශයේ සවිකිරීම සදහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කටයුතු සම්පාදනය කර ඇත.

Youtube