en banner

DSC 0203ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දිවයින පුරා විසිරි සිටින ධීවර ප්‍රජාවගේ ගැටළු විසඳාලීමට පිහිටුවා ඇති ධීවර මහා සම්මේලනය පසුගිය කාළයේ අක්‍රියව තිබූ අතර වර්තමාන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමත් සමග ජාතික ධීවර මහා සම්මේලනයට නව ජීවයක් ලබා දෙමින් එහි මහලේකම් ලෙස අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පත් කරමින් දිවයින පුරා විසිරී තිබෙන ග්‍රාමීය සංගම් ඒකරාශී කරමින් ඔවුන්ගේ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබිණ.

අමාත්‍යතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින්, ජාතික ධීවර මහා සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය ග්‍රාමීය ධීවර සංවිධානවල ක්‍රියාකාරීන් ඒකරාශි කර ගනිමින්, ඔවුන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම කෙරෙහි අවධානය යොමු කළ අතර එහි එක් පියවරක් ලෙස 2020.02.20 දින කොළඹ මෝදර ප්‍රදේශයේ ග්‍රාමීය ධීවර සංවිධාන හතරක කාරක සභිකයන් කැඳවා තම පවුලේ ආර්ථිකය ඉහළ නංවා ගැනීමට ස්වයං රැකියා ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් මෝදර ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් සිදු වූ බව පසුගියදා එම ප්‍රදේශයේ සංචාරය කළ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ධීවර කාර්මිකයන් විසින් පෙන්වා දුන් අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා කොළඹ නගර ව්‍යාපෘතියේ නිලධාරීන් සමග සාකච්ඡා කර හානියට පත් ධීවර ජනතාවට සහනයක් සලසා දෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම සංවිධාන සඳහා රු. ලක්ෂ හැත්තෑවක මුදලක් ලබා ගැනීමට කටයුතු කළ අතර එම මුදල ප්‍රයෝජනයට ගනිමින් සංවිධානවල සාමාජිකයන් අතර චක්‍රීය ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කර ධීවර පවුල්වල ආර්ථිකය නැංවීමට යොදගන්නා ලෙස උපදෙස් ලබා දී තිබුණි

මෙම වැඩමුළුව ආරම්භ කරමින් සංගමයේ මහලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වකවානුව පුරා මෙම සංගමයේ කටයුතු අක්‍රීයව තිබූ බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහි වගකීම මා හට පැවරීමත් සමග එතුමාගේ උපදෙස් මත ධීවර ප්‍රජාවගේ ආර්ථික තත්වය ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සිටියදී අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් මෝදර ධීවර සංවිධානවලට ලබා දුන් මෙම ලක්ෂ හැත්තෑවක මුදල භාවිතා කරමින් එහි සාමාජිකයන්ට ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය හා උපදේශනය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ වූ බවත් ඉන් ප්‍රයෝජන ගෙන ධීවර කාර්මිකයා ස්වශක්තියෙන් නගා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය කියා සිටියේ වර්තමාන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සෑම විටම ධීවර ප්‍රජාවගේ ආර්ථික තත්වය නංවාලීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නිතර අවධානයෙන් සිටින බවද, ධීවර කාන්තාවන් ඉතා ධෛර්ය සම්පන්න පිරිසක් බැවින් ඔවුන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නිසි මගපෙන්වීමක් හා මූල්‍ය ශක්තියක් නොමැති බව වටහාගැනීම නිසා එයට දායකත්වයක් වශයෙන් අද මෙම ස්වයං රැකියා ආරම්භ කිරිම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කළ බවයි.

මෙම වැඩමුළුවට සම්පත් දායකයෙක් ලෙස එක්වූ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය කාරක සභිකයන් අමතා කියා සිටියේ ධිවර ක්ෂේත්‍රය තුල විශාල ස්වයං රැකියා ප්‍රමාණයක් ආරම්භ කළ හැකි බවත්, තමා ධීවර අමාත්‍යාංශය තුළ සේවය කළ වකවානුවේ දිවයින පුරා ධීවර කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් විවිධ ස්වයං රැකියා ක්‍රියාත්මක කළ බවත්, එම නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය වෙළඳපොළ අවස්ථා ක්‍රියාත්මක කර තිබූ බවත්, නැවත එම ස්වයං රැකියා ආරම්භ කිරීමට මෙම වැඩමුළුව දායක කර ගන්නා ලෙස තමන් සියළුදෙනාගේ අවධානයට යොමු කරන අතර ඒ සඳහා මා නියෝජනය කරන ආයතනයේද දායකත්වය ලබා දීමට කටයුතු කරන බවද කීහ.

මෙම වැඩමුළුවේ නායකත්ව හා නායකත්ව ගුණාංග පිළිබඳ දේශනය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂක කපිල ගුණරත්න මහතා ද, කාන්තාවන් ස්වයං රැකියාවලට යොමු කිරීම පිළිබඳ දේශනය කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් හා චිත්‍රා අබේගුණසේකර මහත්මිය විසින් ද, ධීවර සංවිධානවල මූල්‍ය කටුයුතු පවත්වාගේන යාම පිළිබඳ දේශනය විශ්‍රාමික සමූපකාර පරීක්ෂක ලීලා ගණේගොඩ මහත්මිය විසින් ද සිදු කරන ලදී.

Youtube