ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශයේ සුභ සාධන සංගමය මගින් අමාත්‍යංශයේ සේවකයින්ට හා අවට ජනතාවට පහසු මිළට භාණ්ඩ මිළදි ගැනීම සදහා 2022.02.24 අද දින ධීවර අමාත්‍යංශ පරිශ්‍රයේදි සිල්ලර අළෙවි සැලක් ආරම්භ කරන ලදි.
මෙම වෙළදසැලෙන් ඉතා පහසු මිළට අත්‍යවශ්‍ය භාණ්ඩ අමාත්‍යංශයේ නිලධාරින් සහ අවට පාරිභෝගිකයින්ට ලබා ගත හැකි අතර අමාත්‍යංශයේ සේවකයින්ට මාසික වැටුපෙන් අයකර ගැනීමේ පදනම මත භාණ්ඩ නිකුත් කිරීමට තීරණය කර ඇත.
මෙම වෙළදසැල අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගේ සහ ජේෂ්ඨ සහකාර ලේකම් බී. ඒ දමයන්ති මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ඒ මගින් හිමිවන ලාභය සුභසාධන අරමුදලට බැර වෙනු ඇත.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම හා අමාත්‍යංශයට අයත් ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය ආදි ආයතනවල සභාපතිවරුන් හා අමාත්‍යංශ නිලධාරින් විශාල පිරිසක් එක්විය.