දකුණු පළාතේ කිරින්ද, හම්බන්තොට, කුඩාවැල්ල, ගන්දර, ගාල්ල, මිරිස්ස, බේරුවල, මරදාන, පෑරලිය, දොඩන්දුව සහ පානදුර යන ධීවර වරායන් හා ධීවර තොටුපලවල් වල පවතින අඩුපාඩු සියල්ල සම්පුර්ණ කරන ලෙස ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳ පසු විපරම් කිරීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වන දින ධීවර අමාත්‍යංශයේ දි සිදුවිය.
මේ සඳහා ලංකා ධීවර වරාය නිතීගත සංස්ථාවේ නිලධාරීන් හා ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් එක්විය.
විශේෂයෙන්, කිරින්ද ධීවර වරායේ එක්රුස් වී ඇති වැලි ඉවත්කිරීමට වහාම කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නද එම කටයුතු ප්‍රමාද වීම පිලිබදව අදාළ නිලධාරින්ගෙන් ප්‍රශ්න කරන ලදි.
මෙහිදි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවේ, මෙම වැලි ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කටයුතු යොදා ගත නොහැකි බැවින් ඒවා අපනයනය කර විදේශ විනිමය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසත්, එයින් ලැබෙන අදායමින් මෙම වරාය සංවර්ධනය කිරීමට ද උපදෙස් ලබා දෙන ලදි.
එමෙන්ම, වරායන්වල පිරිසිදුභාවය හා අභ්‍යන්තර මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වහාම අවසන් කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා, සෑම වරායක් සඳහාම බීකන් පහන් හා සෝලා පද්ධති සවිකිරීමට ද අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තවද, වරායන්වල නවතා තිබෙන අබලන් බෝට්ටු ඉවත් කිරීමටද උපදෙස් දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතිනම් අමාත්‍යංශයේ නීති නිලධාරි මහත්මියගෙන් අවශ්‍ය උපදෙස් ගන්නා ලෙස වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර වරාය නිතීගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සත්‍යනාදන් මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.