en banner

DSC 0190උතුරු මුහුදේ ඉන්දිය ධීවරයන් සිදුකරන නිති විරෝධි ධිවර කටයුතු මුළු මනින්ම නවතා දැමිමට අවශ්‍ය සැම පියවරක්ම ගන්නා බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවනන්ද මහතා 2023/01/24 දින ධිවර අමාත්‍යංශයේදි පැවති විශේෂ සාකච්චාකදි ප්‍රකාශ කරන ලදි.

පසුගිය කාලය පුරා ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය විශාල වශයෙන් සිදු වු අතර තමන් ධීවර අමාත්‍යවරයා වීමෙන් පසුව දෙරට අතර පවත්වන ලද සාකච්ඡාවල ප්‍රතිපලයක් හා අත් අඩංගුවට ගැනීම් වැඩි කිරීමත් සමග එම තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකි වී ඇති බවත් ඉදිරියේදි අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රා අපගේ ධීවරයින්ට ලබා දී එම අස්වැන්න නෙලා ගැනීමට සාගරයට මුදාහැරීම තම අපේක්ෂාව බවත්, අපගේ ධීවරයින් භාවිතා කරන යාත්‍රා කුඩාවීම මගින් නිතරම ඉන්දීය ධීවරයන්ගේ ප්‍රහාරයන්ට ලක් වන අතර එය මගහරවා ගැනීමට මෙම අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා යොදා ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා පවසා සිටි. තවද අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා වලින් යම් ප්‍රමාණයක් නාවික හමුදාවට ලබා දී මුර සංචාර වැඩි කිරීම තම අපේක්ෂාව බවත් කෙසේ හො මෙම වසර අවසන් වීමට ප්‍රථමව ඉන්දීය ධීවර ආක්‍රමණ මුලුමුණින්ම නවතා දැමීමට තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ධම්මික රණතුංග සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

DSC 0192

 

Youtube