මෙරට ධීවරයින් සාගරය භාවිතා කරමින් සිදුකරනු ලබන ලයිට් කෝස්, හැඹිලි දැල් ආදී නිතිවිරෝධී ධීවර කටයුතු මුළුමනින්ම නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා 2023.02.21 වන දින ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
මෙම සාකච්ඡාවේදී, අයිස් යන්ත්‍රාගාර හිමියන් විසින් විදුලිය හා ජල ගාස්තු වැඩි වීම නිසා අයිස් මිල ඉහළ දැමීමට තීරණයක් ගෙන ඇති අතර ඒ මගින් මත්ස්‍ය මිළ ඉහල යාම සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා, ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එහිදී එම පළාත තුල සිදු කරන නීතිවිරෝධි ධීවර කටයුතු පිළිබද සොයා බැලීමට කටයුතු කරන බව ද පැවසීය. එමෙන්ම ජලජීවී වගාව සිදු කරන ස්ථාන වලද සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවත්, ජලජීවී වගාව පවත්වාගෙන යාමට තිබෙන බාධා මගහරවා ගැනීමට අවශ්‍ය විසදුම් ලබාදීමටත් කටයුතු කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.