en banner

douglasX - Press Pearl නෞකාව මගින් විපතට පත් මිගමුව ප්‍රදේශයේ කරවල කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් පිරිසක් 2023.09.04 දින ධීවර අමාත්‍යංශයේදි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමු වි තම කර්මාන්තයට එම නෞකාව මගින් සිදු වු හානිය පිලිබඳ පවසන ලදි.

මෙම පිරිස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි  නිමල් ලන්සා මහතා විසින් අමාත්‍යවරයා වෙත යොමු කර තිබුණි.

මෙහිදි ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලද්දේ, මිගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශය මුලික කර ගනිමින් හා මිගමුව වෙරළ තීරය උපයෝගි කර ගනිමින් තම කරවල කර්මාන්තය සිදු කර ගෙන යන අතරේ නෞකා හානියත් සමග තම කර්මාන්තයද අහිමි වු බවත් වෙරළ තිරයේ කරවල වේලිම කලකට නතර කර දැමිමට සිදු විම තුලින් තම ආර්ථිකයට දැඩි බලපැමක් එල්ල වු අතර ඒ පිලිබද සොයා බලා අපගේ කර්මාන්තයට සිදු වු අලාභය වෙනුවෙන් වන්දියක් ලබා දිමට පියවර ගන්නා ලෙසයි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ,  X - Press Pearl නෞකාවේ හානිය නිසා මෙරට ධීවර කර්මාන්තයට දැඩි බලපැමක් එල්ල වු බව අමුතුවෙන් සදහන් කලයුතු කරුණක් නොවන අතර අමාත්‍යවරයා ලෙස තමන් හා අපගේ නිලධාරින් සමග එක්ව ධීවරයන්ට සිදු වු අලාභ හානිවලට වන්දි ලබාදිම අදියර කිහිපයක් යටතේ සිදු කර ඇති අතර, කරවල ආශ්‍රිතව කර්මාන්තයේ නියලෙන කර්මාන්තකරුවන්ගෙන් හානියටපත් වුවන් පිලිබද සොයා බලා කඩිනමින් ඔවුන්ට වන්දි ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත් මිය ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.    

Youtube