en banner

DSC 0950නොවැම්බර් 21 වන දිනට යෙදි ඇති ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය මේවර යාපනයේ දී පැවැත්විමට ධීවර අමාත්‍යංශය සැලසුම් කර ඇත.

පසුගිය වසරේ මෙම උත්සවය කලුතර දිස්ත්‍රික්කයේ පැවැත්වු අතර මෙවර මෙම උත්සවය යාපනයේදි පැවැත්විමට සුදුසු බව ධීවර රාජය අමාත්‍ය පියල් නිශාන්ත මහතා යොජනා කර ඇත.

ඒ අනුව නොවැම්බර් 15 වන දින දක්වා ධීවර ගැටලු විසදිම සදහා ජංගම සේවාවක් ඇතුලු තවත් වැඩසටහන් රැසක් ධීවර අමාත්‍යංශය යෝජනා කර ඇත.

ඒ අතර ජලජිවි වගා සංවර්ධන අධීකාරිය විසින් ජලජිවි වගාවේ නියැලෙන පිරිසට මුල්‍යාධාර ලබාදීම සදහා වැඩපිලිවෙලක්ද නාරා ආයතනය මගින් සිදුකරන සාගර හා ජලජිවි පර්යේෂණ කටයුතු පිළිබඳ දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණ කිහිපයක්ද පැවැත්විමට කටයුතු යොදා ඇත.

තවද, ධීවර වරාය නිතීගත සංස්ථාව මඟින් ධීවරයන් සදහා වෛද්‍ය සායනයක් පැවැත්විම, ධීවර වරායන් වල සේවකයන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් සහ ධීවර කාන්තාවන් සඳහා ඉතිරි කිරිම පිලිබද සම්මත්‍රණ මාලාවක්ද පැවැත්විමට ද තිර්ණය කර ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසිය.

මෙම තීරණය ගන්නා ලද්දේ, 2023.09.18 වන දින ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දි ය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, පසුගිය ජාත්‍යන්තර ධීවර දිනය බේරුවලදි ඉතා සාර්ථකව පැවැත්වු අතර, එහිදි ලබා ගන්නා අත්දැකිම් මත මෙම උත්සවය ඉතා සාර්ථකව පැවැත්විමට කටයුතු කරන බවද, විශේෂයෙන් උතුරු පළාතේ සංස්කෘතීන්ට අනුව මෙම උත්සවය පැවැත්විය යුතු බවත් මෙහි අවසන් නිල උත්සවය යාපනයේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී  ජනාධීපතිතුමන් සහ අග්‍රමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට සැලසුම් කරන බවද පැවසිය.

Youtube