ලෝක බැංකු කණ්ඩායම සහ නෙදර්ලන්තයේ වැගනින්ගන් විශ්ව විද්‍යාලයේ විශේෂඥයින්, ශ්‍රී ලංකා ධීවර අංශයේ ශීතකල සහ අධි ශීතකල මත්ස්‍යය නිශ්පාදන සංවර්ධනය කිරීම පිළිබඳව ධීවර අමාත්‍යවරයා සමඟ ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්වීය.
දැනට, ශ්‍රී ලංකාවේ අඩි 60 ට අඩු බහුදින ධීවර බෝට්ටු බොහොමයක් අයිස් පමණක් භාවිතා කරයි. බොහෝ බෝට්ටුවල අභ්‍යන්තර ශීතකරණ පද්ධති නොමැතිකම හේතුවෙන් විශාල අයිස් ප්‍රමාණයක් රැගෙන යාමය සිදුවේ. මෙහිදි බෝට්ටුවල බර වැඩිවන අතර එහිදි ඉන්ධන පරිභෝජනය ද වැඩි වේ. මෙය මාළු ගුණාත්මකභාවය වේගයෙන් අඩුවිමටද මෙය හේතුවේ.
විදුලි පිරිවැය සහ අස්ථායී විදුලි සැපයුම හේතුවෙන් සාම්ප්‍රදායික ශීතාගාර පහසුකම් ක්‍රියාත්මක කිරීම මිල අධික බවත්, ලංකා ධීවර සංස්ථාවේ (CFC) මෙට්‍රික් ටොන් 800 ක ධාරිතාවයකින් යුත් ශීතාගාර පහසුකම් සහ ටොන් 7.5 ක බිම් ශීතකරණ දැනට ප්‍රතිසංස්කරණය කර සහ එහි ධාරිතාව වැඩි දියුණු කිරීම අවශ්‍ය බවත් වාර්තා විය.
ධීවර අංශය මුහුණ දෙන ප්‍රධාන ගැටළු ලෙස පහත සඳහන් කරුණු හඳුනා ගන්නා ලදී:
- අයිස් මත පමණක් රඳා පවතින වත්මන් ක්‍රමය, මත්ස්‍ය අස්වැන්නෙහි ආයු කාලය සහ ගුණාත්මකභාවය අඩු කරයි.
- අතිරේක අයිස්වල බර නිසා ඉන්ධන පරිභෝජනය වැඩිවේ.
- ප්‍රධාන වරායන් සහ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළවල සුදුසු ශීතාගාර ගබඩා පහසුකම් නොමැත.
- ත්‍රිරෝද රථ සහ කුඩා අධිශීතකරණ ලොරිරථ සඳහා අධිශීතකරණ පද්ධති පහසුකම් ප්‍රමාණවත් නොවීම.
- මෝසම් කාලයේදී තාවකාලික ගබඩා පහසුකම් නොමැතිකමෙන් මිරිදිය ජලාශ ආශ්‍රිත ධීවරයින් විශාල පාඩු ලබති
ඉදිරිපත් කළ කෙටි කාලීන විසඳුම් :
- සූර්ය බලයෙන් හෝ වෙනත් පුනර්ජනනීය බලයෙන් ක්‍රියාත්මක වන අධි ශීතකරණ පද්ධති අඩි 60ට අඩු බෝට්ටු සඳහා හඳුන්වාදීම.
- ප්‍රධාන ධීවර වරායන් සහ පෑලියගොඩ වෙළඳපොළට සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන ශීතගබඩා සහ අයිස් ගබඩා ස්ථාපිත කිරීම.
- තාප පරිවරණය, කාර්යක්ෂම සම්පීඩක සහ සූර්ය බලශක්ති සම්බන්ධතාවය සහිත CFC ශීතකරණ ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම
- නගර අතර බෙදාහැරීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ශීතකරණ ත්‍රිරෝද රථ හඳුන්වාදීම.
- මධ්‍යම දුර ප්‍රවාහනය සඳහා සූර්ය ආරෝපණ පහසුකම් සහිත අධිශීතකරණ ලොරි හඳුන්වාදීම.
- සිල්ලර වෙළඳසැල් සඳහා අඩු වියදම් සූර්ය ශීතකරණ හා අධිශීතකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම.
වරායන් ත්‍රිත්වයක් හෝ ජලාශ කිහිපයක් තෝරා ගනිමින් නියමු ව්‍යාපෘති (pilot projects) ක්‍රියාත්මක කිරීමටත්, මෙම වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක අරමුදලක් වෙන් කිරීමටත් සාකච්ඡා කිරීමට ලෝක බැංකුව සහ විශේෂඥයින් එකඟත්වය පළ කළහ.
මෙම සාකච්ඡාවට ලෝක බැංකුවේ නියෝජිතයින්, නෙදර්ලන්ත වෑගෙනිංගන් විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්, ධීවර අමාත්‍යාංශ ලේකම් සහ උසස් නිලධාරීන් සහභාගී වූහ.





