en banner

617560932 122296544174198602 6688783464693937467 n"නිදහස පවා ලංසුවට තැබූ අඳුරු යුගය නිමා කරමින්, අපි මේ වන විටත් නවෝදයේ අරුණාලෝකය කරා පියනගමින් සිටිමු. අප සැමට නිදහසේ සැබෑ අරුත අත්විඳිය හැකි ඒ සුබ දිනය ඉතා නුදුරේදීම උදාවන බව නිසැකය."

" ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සමරුව නිමිත්තෙන් අමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ:

ජාතියේ නිදහස් දිනය යනු හුදෙක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු දිනයක් පමණක් නොව එය මෙරට අනාගත පුනරුද යුගය උදෙසා අප තබන නොසැලෙන ප්‍රතිඥාවක් ද වේ.

ජාතික ජන බලවේගයේ පාලනය යටතේ, දේශය පුරා සැබෑ නිදහස රජයනු ඇත. පොදු ජනතාවට නිදහසේ සැබෑ හුස්ම විඳගත හැකි පරිසරයක් අප විසින් කඩිනමින් නිර්මාණය වනු ඇත.

නිදහස යනු නිලධාරිවාදයට සීමා වූවක් නොව, එය පොදු ජනතාව සතු පරම අයිතියකි. වංචනික අරමුණු වෙනුවෙන් නිදහස අවභාවිත කිරීමට අපගේ රජය තුළ කිසිදු ඉඩක් නොමැත.

යුද්ධයෙන් පීඩා විඳි උතුරු-නැගෙනහිර ජනතාවට සාමය සහ නිදහස පිරි සුරක්ෂිත දිවියක් සහතික කිරීමට අප කැපවී සිටි.

මෙම සුවිශේෂී දිනය ශ්‍රී ලංකාවාසී සැම අතර එකමුතුකම සහ සහෝදරත්වය දල්වන, රටේ පුනරුද ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත. නිදහසට ගරු කිරීම, එය රැකගැනීම සහ පෝෂණය කිරීම අප සැමගේ උත්තරීතර යුතුකමයි."

Youtube