ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින්, දත්ත මත පදනම් වූ නිවැරදි තීරණ ගැනීම සහ ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අරමුණු කරගත් "ධීවර ක්ෂේත්‍ර තීරණ සහායක පද්ධතිය" (Fisheries Sector Decision Support System - DSS) නිල වශයෙන් දියත් කිරීමේ මහෝත්සවය සාර්ථකව පැවැත්වුණා.
'Inclusive Digital Agriculture Transformation (IDAT)' වැඩසටහන යටතේ නිර්මාණය වූ මෙම සුවිශේෂී ඩිජිටල් වේදිකාව, ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ නවෝත්පාදනය උදෙසා තැබූ දැවැන්ත පියවරකි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම උත්සවය, ගරු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.









