රටේ පවතින ඩොලර් අර්බුදයට විසදුමක් ලෙස දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටිනවා.
විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව මුහුදු කූඩැල්ලන් වගාවට විශාල වශයෙන් හුරුවී ඇති අතර ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රවර්ධනය කිරීමට හැකි වන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ කිලිනොච්චිය කිරන්චි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් වගා කරුවන් සදහා හිමිකම් පත් ප්‍රධානය කිරීමේ 2023.01.08 පැවති උත්සවයට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස ධීවර කර්මාන්තයට විශේෂ තැනක් හිමිවන අතර එය වඩාත් වර්ධනය කරමින් අපනයනය වැඩිකිරීම සදහා ඉලක්කකර ජලජීවි වගාව ව්‍යාප්ත කිරීම තම අරමුණබවත් ඒ සදහා ධීවර අමාත්‍යංශයේ සියලු ආයතන එක්ව කටයුතු කලයුතු බවද පැවසීය.
තවද මුහුදු කූඩැල්ලන්ට අමතරව රට අභ්‍යන්තරයේ ජලජීවි වගාව හා ඉස්සන් වගාව දියුණු කිරීම තුළ මෙම කර්මාන්තය රටේ ප්‍රධාන අදායම් මාර්ගයක් බවට පත්කල හැකි බවත්, අදදින මුහුදු කූඩැල්ලන් වගා කිරීම සදහා හිමිකම්පත් ලබාගත් හිමිකම් ලාභින් මෙම කර්මාන්තය හොදින් ඉටුකර රටේ ජාතික අදායමට යම් සහයෝගයක් එක්කිරීමට කටයුතු කරනු ඇතැයි තම අපේක්ෂාව බවද පැවසීය.
මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ හා ජලජීවි ආයතනයේ උතුරු පළාත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.