en banner

1623073395 Court orders Navy to provide security to sinking X Press Pearl Bඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවර කටයුතු කිරීමට නොහැකි වු ධීවරයන් සදහා හතරවෙනි වටයේ වන්දි ලබා දීම එළැඹෙන 2023.04.10 වන දින සිට සිදුකිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම වෙතින් රුපියල් මිලියන 1514.9ක මුදලක් මහා භාණ්ඩාගරය වෙත ලැබී ඇති බවත් එම මුදල් මේ වන විට ධීවර අමාත්‍යාංශය හරහා ගම්පහ කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට සලස්වා ඇති බව පැවසු අමාත්‍යවරයා ජීවිකාව අහිමි වු ධීවරයන් 16867ක් වෙත හතරවෙනි වටයේ වන්දි මුදල් ලබා දීම 2023.04.10 වන දින සිට සිදු කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

මේ වන විට අදාල රක්ෂණ සමාගමෙන් රුපියල් මිලියන 1477ක මුදලක් ලබා ගෙන ඇති බවත් සිවි වන වටයේ වන්දි ලබා දීමේදී විශේෂයෙන් ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වල නිරත වන ධීවර පවුල් සදහා ද වන්දි ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව මේ වන විට ජීවිකාව අහිමි වු ධීවර පවුලක් සදහා උපරිම මුදල ලෙස රුපියල් 330000ත් අවමය රුපියල් 50,000ත් අතර ප්‍රමාණයක වන්දි මුදල්ක ලබා දී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදීත් ධීවරයන් සදහා වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු ධීවර අමාත්‍යාංශය හරහා සිදු කරන බවද පැවසීය.

 

Youtube