en banner

WhatsApp Image 2023 10 05 at 12.57.21 PMහම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම හාතාගල ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිත ඉස්සන් වගා ව්‍යාපෘතියක් සදහා ඉඩම් වෙන්කර ගැනිම පිලිබද විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.05 වන දින ධීවර අමාත්‍යංශයේදි පැවැත්වින.

පරිසර හිතකාමි ව්‍යපෘතියක් ලෙස ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබා දිමේ අරමුණීන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත Renbo food (Pvt) Ltd හා K.M.N Agna serve (Pvt) Ltd. ආයතන එක්ව මහා පරිමාණයේ ඉස්සන් පොකුණු ඉදිකිරිමට අපේක්ෂා කරන අතර, ඒ සදහා අවශ්‍ය ඉඩම් වෙන්කර ගැනිම සදහා අම්බලන්තොට ප්‍රදේශිය ලේකම් එන්.සී.පී රණසිංහ මහත්මිය කැදවා කරුණු විමසු අතර ඒ හිදි ලේකම්තුමිය ප්‍රකාශ කර සිටියේ රජයේ අවශ්‍යතා වෙනුවෙන් වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණයක් හුංගම හාතාන්ගල ප්‍රදේශයේ පවතින බවත්, ඉන් ව්‍යපෘතිය සදහා අවශ්‍ය ඉඩම් වෙන්කරදිය හැකි බවයි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ ප්‍රදේශවල ව්‍යපෘතින් සදහා රජයේ ඉඩම් වෙන් කර ගන්නා අය එම ඉඩම් වල අදාල ව්‍යපෘති ආරම්භ කර අතර මගදි නවතා දැමිම තුළ ජනතවට ඒ පිලිබද තිබේන විශ්වාසය ගිලිහි ඇති බැවින් මේවැනි ව්‍යපෘති සදහා ජනතා විරෝධය එල්ල වන බවද අමාත්‍යවරයා පැවසිය. මෙම ඉස්සන් ව්‍යපෘතියට ලබා දෙන ඉඩම් නියමිත කාලවලදි අවශ්‍ය ඉදි කිරිමට අපොසත් වුවහොත් එය නැවත රජයට පවරා ගැනිමට පියවර ගන්නා බවද පැවසු අමාත්‍යවරයා මෙම ව්‍යපෘතිය සදහා අවශ්‍ය ශ්‍රමිකයන් ආදාල ප්‍රදේශ වලින්ම සපයා ගැනිමට කටයුතු කර ඒ තුලින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවිමට හැකියාව ලැබෙින බවද ප්‍රකාශ කලහ.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අම්බලන්තොට ප්‍රදේශිය ලේකම් එන්.සී.පී රණසිංහ මිය, අමාත්‍යංශ උසස් නිලධාරින්ද මෙම ව්‍යපෘතිය අරම්භ කරන පෞද්ගලික ආයතනවල  නිලධාරින් ඇතුලු පිරිසක් සහභාගි විය.

Youtube