en banner

WhatsApp Image 2023 11 20 at 10.59.10හලාවත ධීවර වරාය පරිශ්‍රයේ මසුන් වෙ‍ළෙඳාමට ඉදිකර ඇති කඩ කාමර 15ක් හලාවත ධීවර සමිතිවලට දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරිණි.

හලාවත නගර ආශ්‍රිත ග්‍රාමීය ධීවර සංවිධාන හා සමුපකාර ධීවර සංගම් විසින් ධීවර අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ කඩ වෙන්දේසි කිරීමකින් තොරව එම සමිතිවලට දී ඇත.

මෙහිදී අමාත්‍යවරයා මෙලෙස දන්වා සිටියේය. 

“මේ කඩ කාමර ගන්නා ධීවර සමිති විසින් ඒවා ඉතා පිරිසිදුව පවත්වාගෙන යා යුතුයි. හලාවත නගර සභාවෙන් පවත්වාගෙන යන හලාවත පොදු වෙළෙඳපොළේ මාළු වෙළෙඳපොළ ඉතා අපිරිසිදුයි. එයින් පරිසරයට විශාල හානියක් සිදු වෙනවා. හලාවත නගර සභාව ඒ ගැන අඩු සැලකිල්ලක් දැක්වීම කනගාටුවට කරුණක්.

අලුතින් ඉදිකළ මේ මාළු වෙළෙඳසල් ඉතා හොඳින් පිරිසිදුව නඩත්තු කර ජනතාවට ඉතා පිරිසිදුව මාළු ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දිය යුතු නිසා මේ වෙළෙඳසල් පුද්ගලයන්ට බදු නොදී සමිතිවලට දීමට තිරණය කළා. ඒ අනුව සමිති තමන්ගේ වගකීම හරි හැටි ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී ධීවර සංගම් සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා හලාවත ධීවරයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට විසඳුම් දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට අවශ්‍ය උපදෙස් දුන්නේය.

ලංකා ධීවර වරායේ නීතිගත සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන සහ කළමණාකාර අධ්‍යක්ෂ සත්‍යනාදන් මහත්වරුන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

Youtube