කවර විවේචන ඉදිරියේ වුවද නව ධීවර පනත කෙටුම්පත් කරනුයේ සාගර සම්පත් සුරැකීමට හා ධීවරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, නව ධීවර පනත පිළිබද කිලිනොච්චි දිස්ත්‍රික් ධීවර සංගම් නියෝජිතයින් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, විදේශීය යාත්‍රාවලට, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර රැකියාවේ නියැළීමට මෙම පනත් කෙටුම්පත මඟින් ඉඩ දෙන බව පවසමින් ඇතැම් පාර්ශ්වයන් ධීවර ප්‍රජාව නොමඟ යවමින් සිටින බවත් පැවසීය.
1979 පනත විදේශීය යාත්‍රාවලට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට හැකි වන පරිදි සකස් කර ඇති බවත්, එසේ චෝදනා නඟන ඇතැම් පිරිස් නොදන්නා බවත්, ඒවා සංශෝධනය කර නව පනත සකස් කරන බවත්, එහි අඩංගු කරුණු සුපරීක්ෂාවෙන් සලකා බැලීමේන් පසු ඒ සඳහා සිය අනුමැතිය ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසයි.
අනන්‍ය ආර්ථික කලාපයේ තිබෙන මුහුදු සම්පත්වල අයිතිය අපගේ ධීවර ජනතාවට හිමි විය යුතු බවත්, නව ධීවර පනත මඟින් මෙරට මුහුදු සම්පත් විදේශ රටවලට ලබා දීමට තමන් ධීවර අමාත්‍යවරයා ලෙස කිසි විටකත් කටයුතු නොකරන බවද වැඩිදුරටත් පැවසීය
මෙම අවස්ථාවට පුනරීන් ප්‍රාදේශීය ලේකම්වරයා, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, කණ්ඩවලේ පුනරීන් පලෙයි ධීවර සංගම්වල නියේජිතයින් පිරිසක් ද සහභාගී වූහ.