ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව සදහා නව කළමණාකාර අධ්යක්ෂ ලෙස සුරංග ප්‍රශාත් හිඳල්ලආරච්චි මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් 2024.06.10 වන දින සිට පත්කොට තිබේ.
මිට ඉහත උතුරු සවිය අරමුදලේ සභාපති, ජාතික වැවිලි කර්මාන්ත පුහුණු ආයතනයේ සභාපති, වරාය අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සමාජික හා හරිත විශ්ව විද්‍යාලයේ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇති, ඒ මහතා හට පරිපාලන කටයුතු පිළිබදව මනා දැනුමක් ඇත.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද සහභාගි විය.