ලංකාවේ පළමුවතාවට SLS සහතිකය ලත් දේශීය ටින් මාළු සමාගමක් වන SLIC ආයතනය විසින් සිය නවතම නිෂ්පාදනය වන කල්තබාගත හැකි ජැක් මැකරල් සැමන් බෑගයක් නිෂ්පාදනය කර වෙළඳපලට නිකුත් කිරීම 2024.06.21 වන දින ධීවර අමාත්‍යාංශයේ දී සිදු විය.
කිලෝ එකක ප්‍රමාණයෙන් යුත් මසුන් අඩංගු පළමු සැමන් පැකට්ටුව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වෙත මෙම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කපිල බාලසුරිය මහතා විසින් පිළිගන්වන ලදි. මෙම නිෂ්පාදන වැඩිවශයෙන් අවශ්‍ය වන පිරිස බේකරි නිෂ්පාදකයන්ය. ඔවුන් සදහා උචිත ආකාරයෙන් නිෂ්පාදනයන් සිදුකර ඇති බවට SLIC ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ කපිල බාලසුරිය මහතා පවසයි.
මෙහිදී අදහස් දක්වමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වර්තමානයේ අප රජයේ ප්‍රතිපත්තිය වන්නේ මෙවැනි දේශීය නිෂ්පාදනය වර්ධනය කිරිම වන බවත් ඔවුන්ට අවශ්‍ය සහාය අප රජය විසින් සලසන බවද ප්‍රකාශ කල අතර SLIC ආයතනයේ නිෂ්පාදන කටයුතු තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.