miniදකුණේ ධීවර වරායන්වල පවතින තත්වයන් නිරික්ෂණය කිරීම සදහා 2024.06.28 වැනි දින සංචාරයේ යෙදුණු ධීවර අමාත්‍යවරයා, ඒ අනුව කිරින්ද සිට පානදුර දක්වා ධීවර වරායන් වල පවතින අඩුපාඩු වහාම ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යයි.

ඒ සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස්කොට වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට අමාත්‍යවරයා 2024.07.01 වැනි දින උපදෙස් ලබාදුන්නේය.

පසුගිය සංචාරයේදීත් ඊට ඉහත කරන ලද සංචාරවලදීත් මෙම වරායන් වල පවතින අඩුපාඩු පිළිබදව වරාය සංවර්ධන කමිටු හා ප්‍රදේශයේ ධීවර සමිති විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබු අතර, මේ පිළිබදව පසුගිය සංචාරයේ දී හා මෙම සංචාරයේදි ද අදාළ නිලධාරින් කැදවා ඒවායේ ඒම අඩුපාඩුවල තොරතුරු රැස්කරගත් අමාත්‍යවරයා මෙම අඩුපාඩු සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගෙන හැකි ඉක්මණින් ඒවා අවසන් කරන ලෙස ධීවර සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

මෙම වරායන්වල පවතින අඩුපාඩු හේතුකොට ගෙන ධීවරයන් ඉතා අපහසු තත්ත්වයට පත්වන බව, අමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම කැබිනට් පත්‍රිකාව සකස් කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

නවතම පුවත්

Youtube