ලියාපදිංචි බෝට්ටු අංක IMULA0909TLE දරන ඩෙවොන් පුතා 5 නැමැති බහුදින යාත්‍රාවේ නියමුවා සහ ගැනීයන් මහමුහුදේ පාවෙමින් පැවැති බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා සිදු වු කණගාටුදායක මරණයන් පිලිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඒම මියගිය අයවලුන්ගේ පවුල්වල ඥාතීන්වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටි.
2024.06.29 දින තමන් දකුණු පළාතේ ධීවර වරායන්වල සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා සංචාරයක යෙදී සිටි අවස්ථාවේ දී මේ පිලිබදව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් ඒම අවස්ථාවේදීම තමන් ලග සිටි ධීවර අමාත්‍යංශයේ ලේකම්, නිශාන්ත වික්‍රමසිංහ මහතා හා අදාළ නිලධාරින් සියලු දෙනා දැනුවත් කර මේ සම්බන්ධව සොයා බලා ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඒම අවස්ථාවේ සිට වහාම ක්‍රියාත්මක වු ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ ඒහි MRCC ඒකකය සම්බන්ධකරගෙන ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ අතර ධීවර දෙපාර්තමේන්තුව සතු යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය මගින් ඩෙවොන් පුතා යාත්‍රාව පිහිටි ස්ථානය සොයාගෙන (Location) මෙම තොරතුරු අදාළ අංශවෙත ලබාදුන් අතර ඒ අනුව යාත්‍රා නිරික්ෂණ පද්ධතිය මගින් හදුනාගත් ඩෙවොන් පුතා 5 යාත්‍රාව ආසන්නයේ තිබු යාත්‍රා වලට මෙම සිද්ධිය දැනුම් දී මෙම යාත්‍රාව තිබු ස්ථානයට යොමු කරන ලදි.
ඒහිදි IMULA0577TLE දරණ යාත්‍රාව මෙම යාත්‍රාව වෙත පිවිසි අතර ඔවුන් විසින් මෙම කණගාටුදායක මරණයන් පිළිබදව වැඩිදුර විස්තර ධීවර දොපර්තමේන්තුව වෙත ලබාදෙන ලදි. මෙහිදි නාවික හමුදාවේ වෛද්‍යවරයකු රේඩියෝමගින් සම්බන්ධකර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදෙන ලදි. මෙහිදි ජීවතුන් අතර සිටි ගැනියන් වෙත ප්‍රථමාධාර ලබාදීමටද කටුයුතු කරන ලදි.
ඒසේ වුවද මෙම ඩෙවෝන් පුතා 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරික්ෂණ ආපදා බොත්තම ඔබා මේ පිලිබදව දැනුම්දීමට කටයුතු කර නොමැති වීම කණගාටුදායක කරුණකි. ඒසේ දැනුම් දුන්නානම් මීට වඩා ඉක්මණින් මුදාගැනීමට කටයුතු ආරම්භ කිරීමට තිබුණි.
ඩොවෝන් පුතා 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් ඒනම් 600km කට අධික දුරකින් ගමන්කර තිබු අතර ඒවැනි දුරක්වෙත ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ගමන් කිරීමට හැකි දැයි තමන් සොයා බැලු නමුත් ඒම දුර සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානයකට ගමන්කළ හැකි දුර මෙන් 4 ගුණයක් දුර බැවින් ඒය නිෂ්ඵල විය.
කෙසේ වෙතත් මේ වනවිට නාවික හමුදා යාත්‍රාවක් ඩෙවෝන් පුතා යාත්‍රාව වෙත ගමන්කර සිද්ධියෙන් දිවි ගලවාගත් ගැනියකු ගොඩබිමට රැගෙනවිත් දැනට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගණිමින් සිටි. මෙම අතිශය කණගාටුදායක සිදුවීම පිලිබදව සානුකම්පිතව සළකා බලා මරණයට පත්වු නියමුවා හා ගැනියන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සුදුසු වන්දි මුදලක් ගෙවීම සදහා කටයුතු කරමින් සිටින බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා සිටි.