WhatsApp Image 2024 07 04 at 21.33.41පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීම අරමුණ කරගත්, ලංකා ධීවර සංස්ථාව විසින් දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා දින, කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ අංක 457 නිකාඩෝ ගොඩනැගිල්ල ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලට යාබද ස්ථානයේදී සුබ මොහොතින් විවෘත කෙරුණි.

ලංකා ධීවර සංස්ථාව පාරිභෝගිකයන්ට සහන මිලට ගුණාත්මක පෝෂදායි මාළු ලබාදෙමින්, වෙළෙඳපොළ මත්ස්‍ය මිල ස්ථාවරව පවත්වාගෙන යාමට දායක වන වෙළඳසැල් ජාලයකින් සමන්විත රජය යටතේ ක්‍රියාත්මකන්වන ආයතනයකි. මෙම නවීන වෙළඳසැල හරහා පාරිභෝගික ජනතාවට ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව උම්බලකඩ ඇතුළු මත්ස්‍ය නිශ්පාදන මිලදී ගැනීමට අවකාශ සලසා දී තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර, ඒ සඳහා බදුල්ල දිස්ත්‍රීක් පර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මානව සම්පත් සංවර්ධන) අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, ලංකා ධීවර සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක සුරංග හිදැල්ලආරච්චි මහතා ඇතුළු ධීවර සංස්ථා නිලධාරීන් පිරිසක් සහභාගී විය.

WhatsApp Image 2024 07 04 at 21.33.40

WhatsApp Image 2024 07 04 at 21.33.42

WhatsApp Image 2024 07 04 at 21.33.43 1 

නවතම පුවත්

Youtube