World Fisheries Day 21 November 2023 Poster 819x1024

වසර දෙදහසකට අධික කාලයක අතීතයට දිවෙන දීර්ඝ සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සතුව පවතී. 

විශේෂයෙන් 1948 වසරේ දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවට පසු සමුද්‍රීය ධීවර කර්මාන්තය ජීවනෝපාය ක්‍රියාකාරකමක සිට මහා පරිමාණ කර්මාන්තයක් බවට පත් විය.

අපේ රට මහා සාගරය වටකොට ගත් විශාල සාගර සම්පතක් හිමි මනරම් දූපතක් වුවද ධීවර කර්මාන්තයෙන් මෙතෙක් මෙරට දළ දේශීය නිෂ්පාදනයට ලබා දී ඇති දායකත්වය පිළිබඳව අපට සෑහීමකට පත්විය නොහැකිය.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන ජාතික ජන බලවේගය රජයේ දැක්ම අනුව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම අපගේ තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යයයි. එහිදී ධීවර කර්මාන්තයේ නවෝදය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කර තිබේ. අඩාල වී ඇති ධීවර කර්මාන්තය යථාවත් කිරීමේ දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධූරයට පත්වීමත් සමගම කටයුතු කළේ ධීවර ප්‍රජාව වෙනුවෙන් දක්වන එම සුවිශේෂී අවධානය නිසාමය.

එසේම නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට රාජ්‍ය මැදිහත්වීමෙන් කුඩා ධීවරයන්ට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දෙමින්, තිරසරභාවයකින් යුතුව ධීවර කර්මාන්තයේ නියැලීමට අවශ්‍ය පරිසරය සකසා දී ධිවර කර්මාන්තය සක්‍රීයව මෙරට ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමේ සැලසුම් අප ඉදිරියේ දී ක්‍රියාවට නංවන්නෙමු.

ශ්‍රී ලංකාවෙන් නෙලා  ගන්නා මත්ස්‍ය අස්වැන්නේ පසු අස්වනු හානිය අවම කරමින්, ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා කරදිය හා මිරිදිය යන ක්ෂේත්‍ර දෙකෙහිම ධීවර පර්‍යේෂන සිදුකොට එහි ප්‍රතිලාභ ධීවර ප්‍රජාව වෙත ලැබෙන පරිදි විධිමත් යාන්ත්‍රනයක් සකස් කිරීම අපගේ අරමුණයි.

රට පුනරුදය කරා ගෙන යන ජනාධිපතිතුමාගේ දැක්මට අනුව ධීවර ප්‍රජාවට ද අභිමානවත් ලෙස සමාජය ඉදිරියේ කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා නව දැක්මක් සහිතව ඉදිරි කටයුතු සිදු කිරිමට මා ඇතුලු  ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය හා සියලු අනුබද්ධ ආයතන කැපවී සිටින බව දන්වා සිටීමට කැමැත්තෙමු.

නවතම පුවත්

Youtube