WhatsApp Image 2025 01 24 at 21.15.37

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් අමාත්‍යංශ‍යේ දී පැවැත්විය.

ධීවර හා ජලජීවී වගාවේ ද්විපාර්ශවික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර දිගුකාලීන මිත්‍රත්වය, 1970 වර්ෂය  දක්වා දිවෙන බවත්, මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරයට ළඟා වෙමින් සිටින බවත් මෙහිදී තානාපතිවරිය අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව තුළ පවත්නා සාමකාමී පරිසරය සහ ශ්‍රී ලාංකාවෙි ආගන්තුක සත්කාර කෙරෙහි ඇය සිය  ප්‍රසාදය පළ කළ අතර, ශ්‍රී ලංකාව සිය දෙවන නිවහන ලෙස සලකන බවද සඳහන් කළාය.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සාමාජිකයින් ලෙස, මත්ස්‍ය අස්වනු නෙළීම, මතස්‍ය අභිජනනය සහ ධීවර තාක්ෂණික දැනුම බෙදා ගැනීම වැනි කරුණු  ඇතුළු දෙපාර්ශ්වයම සඳහා ජලජීවී වගාවේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා දෙරටේ ඇති අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරටේ ධීවර කර්මාන්ත වැඩිදියුණු කිරීමට ඇති හැකියාව වියට්නාම තානාපතිවරිය විසින් මෙහිදී අවධාරණය කරනු ලැබූ අතර හවුල්කාරිත්වය පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා සිටියාය.

තිරසාරභාවය සහ පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ “ක්ලීන් ශ්‍රී ලංකා“ (Clean Sri Lanka) ව්‍යාපෘතිය අගය කළ තානාපතිවරිය, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාමයට පැමිණෙන ලෙස අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා වෙත ආරාධනා කළාය.

ධීවර අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාද මෙම හමුවට සහභාගී විය.

WhatsApp Image 2025 01 24 at 21.15.37 1

WhatsApp Image 2025 01 24 at 21.15.38

WhatsApp Image 2025 01 24 at 21.15.38 1

Youtube