WhatsApp Image 2025 01 27 at 16.08.43ජපන් ආධාර යටතේ මෙරට ධීවර ⁣ක්ෂේත්‍රයේ සිදු කරමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා අතර සමාලෝචන සාකච්ඡාවක් අද (27) අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ධීවර ක්ෂේත්‍රයේ පවතින අවස්ථා පිලිබඳවත්, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සහ ජපන් ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කෙරිණ.

2024 වසරේ ජපන් මූල්‍යාධාර වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 200ක ආයෝජනයෙන් සිදුකළ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා වන ව්‍යාපෘතියක ප්‍රගතිය පිළිබඳ මෙම සාකච්ඡාවේදී විශේෂ සමාලෝචනයක් සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් කන්කසන්තුරේ ප්‍රදේශයට පෙට්‍රල් බෝට්ටුවක් ද ත්‍රිකුණාමලයට Rigid hull inflatable යාත්‍රාවක් ද ධීවරයින්ගේ ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා ලබා දීමටත්, 2023 දී ජපන් යෙන් මිලියන 200ක මූල්‍යාධාර සපයන ලද ව්‍යාපෘතියක් වන ධීවර නිෂ්පාදන සඳහා අවශ්‍ය ශීතාගාර දාමයන් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ජා කෙරිණි. යාපනය, මුලතිව් සහ කින්නියා ප්‍රදේශ ආවරණය වන පරිදි අයිස් සැකසුම් යන්ත්‍ර තුනක් ස්ථාපනය කිරීම, ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ගබඩා කිරීම වැඩිදියුණු කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව (CFC) සඳහා ශීත කළ ට්‍රක් රථ තුනක් ලබා දීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

නැගෙනහිර පළාතේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, නවීන ගබඩා පහසුකම් ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීම ඇතුළු නැගෙනහිර පළාතේ ධිවර කර්මාන්තය සංවර්ධනය සඳහා ජපානයේ සහයෝගය ලබාදෙන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

ඒ සඳහා ජපානයේ සහයෝගය ලබා දෙන බවට තානාපති Akio Isomata මහතා සහතික වූ අතර අවබෝධතා ගිවිසුමක් (MOU) මගින් එම ව්‍යාපෘති විධිමත්ව සිදු කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද පැවසීය.

ධීවර අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඔහාෂි කෙන්ජි යන මහත්ම මහත්මීහු ද මෙම හමුවට සහභාගි වූහ.

WhatsApp Image 2025 01 27 at 16.08.43 1

WhatsApp Image 2025 01 27 at 16.08.44

WhatsApp Image 2025 01 27 at 16.08.44 1

WhatsApp Image 2025 01 27 at 16.08.44 2

 

Youtube