eaae9881 e828 445c 9d37 f0d71cbcbba5

දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් තුළ ලංකා ධීවර සංස්ථාවේ CeyFish අලෙවි කිරීමේ කුටියක් බැගින් ස්ථාපිත කර ජනතාවට අලුත් මාළු මිළදී ගැනීමට අවස්ථාව ඉදිරියේදී ලබා දෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

Clean Sri Lanka වැඩසටහන යටතේ වෙරළබඩ පරිසරය සංවර්ධනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා වෙරළ පිරිසිදු කිරීම වෙනුවෙන් පෙබ 09 දින  පැවති  "ලස්සන වෙරළක්, ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්" වැඩසටහනට එක් වෙම්න් අමාත්‍යතුමන් මේ බව පැවසීය.

ගාල්ල, උණවටුන සහ පීල්ලගොඩ යන ප්‍රදේශවලදී සාර්ථකව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්  මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ  නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,

ලංකා ධීවර සංස්ථාව මගින් රට පුරා මත්ස්‍ය බෙදාහැරීමේ වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක කරන්න සැලසුම් කරනවා. පහුගිය සතියේ පැවති අමාත්‍යාංශය උපදේශක කාරක සභා රැස්වීමෙදී  ධීවර අමාත්‍යතුමාන් සහ වෙළෙඳ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ අමාත්‍යතුමාන් අතර සාකච්ඡාවේදී මේ බව සඳහන් කරනු ලැබීය.එහිදී ඇති වූ එකඟතාවකට අනුව දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් ජාලය තුළ ලංකා ධීවර සංස්ථාවේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන CeyFish අලෙවි කුටියක් ස්ථාපිත කිරීමට යෝජනා විය.තවද සමුපකාර දෙපාර්තමේන්තු මගින් පවත්වාගෙන යනු ලබන CO-OP CITY අළෙවිසැල් ජාලය සඳහාද CeyFish අලෙවි කුටියක් බැඟින් ස්ථාපිත කිරීමට ඇති හැකියව පිළිබඳ සොයාබලා ඒ සඳහාද හැකි ඉක්මණින් ක්‍රියා කරන බවද නියෝජ්‍ය අමාත්‍යතුමන් දන්වා සිටින ලදී. 

මේ වසර අවසන් වන විට CeyFish අලෙවිසැල් 1000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත්,මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගනු ලබන ප්‍රධාන ඉදිරි පියවරක් වන බවද ඒ තුළින්, පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබෙනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

e3219a72 a767 4929 bad7 189ff33144b5

0ed9556e 5b8c 4558 b7f6 aac33ac91728

44803536 e47e 4046 ad65 efd7e6aed13e

41ec7321 9304 426c 9c43 047eacfef80d

e91824a8 d8a1 4f63 a796 d61784833a78

Youtube