istockphoto 502662300 612x612ගම්පහ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලංකා ධීවර සංස්ථාවේ මාළු වෙළඳසැලේ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන 2025 අප්‍රේල් 04 සහ 05 යන දිනවල සාර්ථකව සංවිධානය කරන ලදී.

පාරිභෝගිකයන්ට අඛණ්ඩව සාධාරණ මිලකට නැවුම් මාළු ලබා දීමට පියවර ගන්නා අතරම, මීගමු ගම්පහ ප්‍රාදේශීය කළමනාකරු සහ කාර්ය මණ්ඩලය විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහනේදී විශේෂ දිනුම් ඇදීමක් ද පවත්වා වටිනා ත්‍යාග පාරිභෝගිකයන්ට ප්‍රදානය කෙරිණි.

ලංකා ධීවර සංස්ථාවේ සභාපති ජේ.ඒ.කේ. මාර්ක් මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, ඉදිරියේ එළඹෙන අවුරුදු සමයේ ඇතිවිය හැකි මාළු හිඟය අවම කිරීමට සහ මිල වැඩිවීම පාලනය කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. තවද, දැනටමත් හඳුනාගත් සතොස අලෙවිසැල් 21ක මූලික ව්‍යාපෘතියක් ලෙස ග්‍රෑම් 300-400 ප්‍රමාණයේ කුඩා frozen fish පැකට් හඳුන්වා දීමට නියමිතය. එම කුඩා ප්‍රමාණයේ ඇසුරුම් කාගේත් අත් බෑගයේ වුවද පහසුවෙන් ගෙන යා හැකි බව ද සභාපතිතුමා වැඩිදුරටත් පැවසීය.

Youtube