en banner

WhatsApp Image 2026 03 18 at 09.08.24ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණ අනුව, පවතින තත්ත්වය හමුවේ ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.

ඒ අනුව, බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර, "යාත්‍රා අධීක්ෂණ පද්ධතිය" (VMS) හරහා අදාළ යාත්‍රාවන්හි ගමන් තොරතුරු තහවුරු කරගනිමින් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විධිමත්ව කළමනාකරණය කිරීමට පියවර ගැනේ.

එක්දින සහ කුඩා පන්න යාත්‍රා සඳහා මීට පෙර පැවති ක්‍රමවේදයටම ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත. දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කෙරේ. ඩෙල්ෆ් දූපත හා බත්තලංගුණ්ඩුව වැනි ප්‍රදේශවල ධීවරයින්ට අවශ්‍ය සහය ලබා දීමටද විශේෂ අවධානය යොමු කර ඇත.

තවද, මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා හා ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සමඟ ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව ලබාගත හැකි බව ලේකම්වරයා සඳහන් කළේය. රජයේ පොදු තීරණ අනුව බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස සලකා, අවම සේවක සංඛ්‍යාවක් යටතේ අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ඇත.

Youtube