ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි බැතිමතුන් සමඟ එක්ව, සාමයේ කුමරුන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමරන මේ උතුම් මොහොතේ, ඔබ සැමට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
නත්තල යනු, දයාවේ, සෙනෙහසේ සහ පරිත්‍යාගයේ අරුත ලොවට කියාදුන්, නව බලාපොරොත්තුවක ආරම්භයයි. අපගේ ධීවර ප්‍රජාව, දිනපතා ජීවිතයේ අභියෝග හමුවේ, නව බලාපොරොත්තුවකින් යුතුව සිය දහදිය මහන්සියෙන් රට සවිබල ගන්වන්නා සේම, මෙම නත්තල් සමය ඔබ සැමගේ ජීවිතවලට නව ප්‍රබෝධයක් සහ ආශිර්වාදයක් ගෙන දේවායි මම ප්‍රාර්ථනා කරමි.
පසුගිය කාලයේ අප මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් සියලු ජනතාවගේ ජීවිතවලට ද මෙම නත්තල නව සහනයක් සහ සැනසීමක් ගෙනදේවායි ප්‍රාර්ථනා කරමි.
මෙම උතුම් නත්තල් සමයේදී, සියලු භේද දුරලා, එකිනෙකාට උදව් කරමින්, එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස නැගී සිටීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමටත්, ඔබගේ ආදරණීය පවුලේ සැමටත්, නිදුක් නීරෝගී, සෞභාග්‍යමත් නත්තලක් සහ සුබ නව වසරක් වේවා!
රත්න ගමගේ,
නියෝජ්‍ය අමාත්‍ය,
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය.





