en banner

WhatsApp Image 2025 12 31 at 15.40.27

අමාත්‍යවරයා සිය නව වසර සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කළේ, නැවත නැගී සිටීම යනු පසුගිය තත්ත්වයට පමණක් ආපසු යාමක් නොව, එයට වඩා උසස් හා ශක්තිමත් අනාගතයකට ගමන් කිරීමක් බවයි.

එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

විපත්ති හේතුවෙන් අපට අලාභ සිදුව ඇතත්, එම තත්ත්වයෙන් අප නියත වශයෙන්ම නැවත නැගී සිටිමු. එම නැගී සිටීම පෙර තිබූ තත්ත්වයට නොව, එයට වඩා උසස් තත්ත්වයකට ළඟා වීමක් විය යුතුය. එම අරමුණ කරා අප සියලු දෙනා එක්ව ගමන් කරමු.”

“නව වසරක් උදාවන මේ සුවිශේෂී මොහොතේ, සියලු දෙනාටම මාගේ හදවතින්ම උණුසුම් සුබපැතුම් පළ කරමි.

ධීවර, ජලජ හා සාගර සම්පත් ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයටත්, ආහාර සුරක්ෂිතතාවටත් අතිශය වැදගත් දායකත්වයක් සපයන ක්ෂේත්‍රයකි.

ධීවර, ජලජ සහ මෙම ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ සියලු දෙනාගේ උත්සාහය හා කැපවීම අප රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් බවට පත්ව ඇත.

එබැවින්, එළඹෙන නව වසර සියලුම  ජීවනෝපායන්, තිරසාර සංවර්ධනය සහ සියලු දෙනාට සුභසාධනය ගෙනෙන වසරක් විය යුතුයැයි මම හදවතින් ප්‍රාර්ථනා කරමි.

මෙම නව වසර සාමය, එකමුතුව, සමෘද්ධිය සහ නව බලාපොරොත්තු ඔබගේ ගෘහයන් සහ හදවත් පුරා පැතිර යාමට හේතු වේවා.”

නවතම පුවත්

Youtube