en banner

WhatsApp Image 2026 03 18 at 17.10.59දකුණු පළාතේ කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තයේ නියුතු ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින්, රුපියල් ලක්ෂ 86 ක වටිනාකමින් යුත් ධීවර ආම්පන්න සහ මත්ස්‍ය අලෙවි බහාලුම් බෙදා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් පසුගිය මාර්තු 13 වන දින මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලදී පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක විය. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය විසින් සපයන ලදී.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේදී, මාතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව වෙත ඔරු, කොල්ලෑ, දැල්, මාළු පෙට්ටි මෙන්ම කුඩා සහ විශාල ප්‍රමාණයේ දැල් කූඩු ඇතුළු අත්‍යවශ්‍ය ආම්පන්න රැසක් ප්‍රදානය කෙරිණි. මීට සමගාමීව, ගාල්ල දිස්ත්‍රික්කයේ ජංගම මත්ස්‍ය අලෙවිකරුවන්ගේ සේවාවන් විධිමත් කිරීම සඳහා ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී ඔවුන් වෙත නව මත්ස්‍ය අලෙවි බහාලුම් ලබා දීම ද සිදු කරන ලදී.

මාතර උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න සහ දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා යන මහත්වරු සහභාගී වූහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයට අදාල ඡයාරූප:

WhatsApp Image 2026 03 18 at 17.10.46

WhatsApp Image 2026 03 18 at 17.11.42

WhatsApp Image 2026 03 18 at 17.11.58

WhatsApp Image 2026 03 18 at 17.11.10

WhatsApp Image 2026 03 18 at 17.12.06

ගාල්ලේ පැවති උත්සවය සඳහා පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධ්‍යක්ෂ නුවන් ගුණරත්න, ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂිකා ඉනෝකා ගමගේ සහ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකාරක නාලක සම්පත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙසේ ප්‍රකාශ කළේය:
"ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා ධීවර ප්‍රජාව දක්වන දායකත්වය අතිශය වැදගත් වේ. ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමට සහ කර්මාන්තය වඩාත් ඵලදායී මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික පහසුකම් සැපයීම රජයේ ප්‍රමුඛ වගකීමකි. මෙම උපකරණ ලබාදීම හරහා දකුණු පළාතේ ධීවර නිෂ්පාදනය සහ අලෙවිය තවදුරටත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ."

ගාල්ලේ පැවති උත්සවයට අදාල ඡයාරූප :

WhatsApp Image 2026 03 18 at 17.09.25

WhatsApp Image 2026 03 18 at 17.09.41

WhatsApp Image 2026 03 18 at 17.09.57

 

නවතම පුවත්

Youtube