en banner

WhatsApp Image 2026 04 08 at 16.51.04"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන වත්මන් රජයේ ප්‍රතිපත්තිය යටතේ, ධීවර කර්මාන්තයේ නියුතු කිමිදුම්කරුවන් මුහුණ දෙන වෘත්තීය අවදානම් සඳහා රක්ෂණ රැකවරණයක් සහ මූල්‍යමය සුරක්ෂිතතාවක් සැලසීමේ අරමුණින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) කල්පිටියේදී සිදු විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් මෙම රක්ෂණාවරණය හඳුන්වා දී ඇත. ධීවර කර්මාන්තයේ අතිශය අවදානම් සහගත සහ අනතුරුදායක වෘත්තියක නියැලෙන කිමිදුම්කරුවන්හට වෘත්තීයමය වශයෙන් සිදුවන ආපදාවලදී සහන සැලසීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආර්ථිකමය රැකවරණයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

කල්පිටිය, කුරිඤ්ඤම්පිටිය, සී ග්‍රීන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සමාරම්භක වැඩසටහන සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු මහතා ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේ, මෙතෙක් කලක් නිසි රක්ෂණ රැකවරණයකට ලක් නොවූ ධීවර කිමිදුම්කරුවන්ගේ ජීවිතවලට සහ වෘත්තියට වටිනාකමක් ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. වෘත්තීය අවදානම කළමනාකරණය කරමින් ජනතාවට වඩාත් සුරක්ෂිත සේවා පරිසරයක් ගොඩනැගීමට රජය සැමවිටම කැපවී සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් කැලුම් කළුආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ සී. කේමරත්න සහ සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ සභාපති ජගත් ප්‍රීතිකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ කිමිදුම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 04 08 at 16.51.02

WhatsApp Image 2026 04 08 at 16.51.03
WhatsApp Image 2026 04 08 at 16.51.02 1

WhatsApp Image 2026 04 08 at 16.51.03 1

WhatsApp Image 2026 04 08 at 16.51.04 2

WhatsApp Image 2026 04 08 at 16.51.05

WhatsApp Image 2026 04 08 at 16.51.04 1

නවතම පුවත්

Youtube