2023 නොවැම්බර් 21 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර ධීවර දිනය, ධීවර අමාත්‍යංශය විසින් සැම වසරකම මෙරට ධීවර ප්‍රජාව සම්බන්ධ කර ගනිමින්, ඉතා සාර්ථකව පවත්වනු ලබන අතර මෙවර ධීවර දිනයේ තේමාව වන්නේ “ සෞඛ්‍යය සම්පන්න සාගර පරිසර පද්ධතිවල තිරණාත්මක වැදගත්කම ඉස්මතු කිරිමට සහ ලෝකයේ තිරසාර ධීවර අස්වැන්නක් සහතික කිරිමයි ”.
2023 නොවැම්බර් 21 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර ධීවර දිනය වෙනුවෙන් ධීවර අමාත්‍යංශය විසින් චිත්‍ර තරඟාවලියක් පැවැත්විමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ ජනතාවගේ අදහස් පුළුල් කිරිම මෙන්ම, පාසල තුළින් ධීවර පද්ධතියෙහි තිරණාත්මක වැදගත්කම ඉස්මතු කිරීමත්, දරුවන් තුළ ධීවර ක්ෂේත්‍රයට ඇති නිර්මාණාත්මක අදහස් ඔප්නැංවිමත් මෙම චිත්‍ර තරඟයේ අරමුණයි.
මේ මෙම තරඟ සඳහා 8 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉදිරිපත් විය හැකිය. එමෙන්ම "සාගරය අපට සම්පතකි", "ධීවර ජන ජිවිතය" සහ "අපේ ධිවරයෝ" යන තේමාවලින් එකක් තෝරා ගෙන සිතට දැනෙන දේ සිතුවම් කර නිර්මාණ ඉදිරිපත් කිරීමට තරඟකරුවන්ට අවස්ථාව හිමි වනු ඇත.
මේ තරඟයෙන් ජයග්‍රහණය කරනු ලබන පළමු, දෙවන, තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රු. 75,000/=ක්, රු.50,000/=ක් සහ රු.25,000/= ක මුදල් තාග්‍ය හිමි වේ. තවද, රු. 5000/= බැගින් විශිෂ්ඨ සම්මාන 10ක් ද රු. 1000/= බැඟින් කුසලතා සම්මාන 10ක්ද ආදි වශයෙන් ත්‍යග පිරිනැමීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම චිත්‍ර තරඟාවලිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සමාජ මාධ්‍ය, නිල අනුග්‍රාහක දායකත්වය සපයනු ලැබේ.
ධීවර අමාත්‍යාංශය, නව මහ ලේකම් කාර්යාලය, මාලිගාවත්ත, කොළඹ 10. යන ලිපිනයට මෙම නිර්මාණ එවිය යුතුය. චිත්‍ර එවනු ලබන ලියුම් කවරයේ හෝ පාර්සලයේ ඉහළ වම් කෙළවරේ (ජාත්‍යන්තර ධීවර දිනය - චිත්‍ර තරඟය 2023) ලෙස සදහන් කළ යුතුය.
අයදුම්පත් ධීවර අමාත්‍යාංශ වෙබ් පිටුවෙන් www.fisheries.gov.lk ලබා ගත හැක. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2023 නොවැම්බර් 05 වන අතර, වැඩිදුර විස්තර 011- 2434326 දුරකථනය ඇමතිමෙන් ඔබට ලබා ගැනිමට හැකිය.