ධීවර අමාත්‍යංශයේ හිටපු ලේකම් නයනා කුමාරි සොමරත්න මෙනවිය විශ්‍රම යාමෙන් පසු නව ලේකම් ලෙස පත් කොට ඇති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2024.06.19 දින ධීවර අමාත්‍යංශයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
ඒ මහතා, මිට ඉහත ධිවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කර ඇති අතර, මිට අමතරව තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්, හම්බන්තොට කෘෂිකර්ම සහකාර කොමසාරිස් දෙහිඕවිට සහකාර ප්‍රදේශිය ලේකම්, පස්සර සහකාර ප්‍රදේශිය ලේකම්, බදුල්ල සමෘද්ධි කොමසාරිස්, ඌවපරණගම ප්‍රදේශිය ලේකම්, ඌව පළාතේ අධ්‍යපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ඌව පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉඩම් නිරවුල් කිරිමේ දෙපාර්තුමෙන්තුවේ කොමසාරිස් ජනරාල්, යන තනතුරු රැසක මිට පෙර වැඩ කටයුතු කොට ඇත. ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපර අධ්‍යනය පිළිබදව විශේෂවේදි උපාධිධාරියකු වන ඔහු, රජ්‍ය පරිපාලන පිළිබද SLIDA ආයතනයේ එම්.ඒ උපාධිධාරියෙකුද වේ.
මෙම උත්සවයේදි පුජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් ඇතුලු මහා සංඝරත්නය විසින් බෞද්ධ අගමික කටයුතු සිදු කල අතර, හින්දු පුජක බාබුෂර්මා කුරුක්කල්තුමා සහ මවුලවිතුමන් ඇතුලු පිරිසක් සර්ව ආගමික වතාවන් ඉටු කරන ලදි
මෙහිදි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් නව ලේකම්වරයාට පත්විම් ලිපිය ලබාදුන් අතර ඉන් අනතුවරුව ඒ මහතා සිය තනතුරේ රාජකාරි අරම්භ කරන ලදි.
මේ අවස්ථාවට එතුමාගේ භාර්යාව වික්‍රමසිංහ මහත්මිය ද පවුලේ දරුවන්ද අතිරේක ලේකම්වරුන් වන අප්සරා නිශ්ශංක, අනුෂා ගෝකුල, ධම්මික රණතුංග, ධීවර දේපාර්තුමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.