WhatsApp Image 2024 06 29 at 1.25.49 PM2024.06.29 වැනි දින දකුණු පළාතේ ධීවර වරායන් හි පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නිරීක්ෂණ කටයුතු වල නිරත වුණා. දැනට දකුණු පළාතේ ඉදිකරන විශාලතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරායේ වැඩ කටයුතු මේ වර්ෂයේ අවසන්කොට ධීවරයින්ට මුහුදු යාමට අවශ්‍ය පහසුකම් සළසන බව ප්‍රකාශ කළේය.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා, දකුණු පළාතේ ධීවර වරායන් අතර ප්‍රධානතම ධීවර වරායක් වන ගන්දර ධීවර වරාය නවීකරණය කොට සංවර්ධනය කිරීම මීට වසර 03 කට පෙර ආරම්භ කළ අතර, පසුගිය කාලයේ ඇති වු ආර්ථික අර්බුදය හා කෝවිඩ් වසංගතය හේතු කොටගෙන යම් දුරකට වැඩ නතර වී තිබුනත්, අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු රටේ ඇති වු ආර්ථික සංවර්ධනයත් සමග මෙම ධීවර වරාය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ වු බවත්, පළවැනි අදියරේ වැඩ කටයුතු තව මාස දෙක තුනකින් අවසන් කොට ධීවරයින්ට මුහුදු යාම සදහා අවශ්‍ය පහසුකම් සළසන බව පවසා සිටියේය.

තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා, මෙහි ඉදිරි අදියර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයා විසින් සළසා දී තිබෙන බැවින් ඉතා ඉක්මණින්ම මෙම වරායේ වැඩ කටයුතු අවසන් කොට ප්‍රදේශයේ ධීවර ජනතාවට විශාල සේවාවක් ලබා ගැනීමට හැකි වන අයුරින් මෙම වරාය සංවර්ධනය කොට ධීවර ජනතාවට මුහුදු යාම සදහා ඉඩ සළසාදෙන බව පවසා සිටියේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ හිටපු රාජ්‍ය අමාත්‍ය හා වර්තමාන විදුලි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහභාගි වු අතර, එතුමා ප්‍රකාශ කල සිටියේ, දකුණු පළාතේ විශාලතම ඉදිකිරීම වන මෙම ධීවර වරාය ඉදිකිරීම පිළිබදව, අතිගරු ජනාධිපතිතුමා ඇතුලු මුදල් අමාත්‍යංශයටත්, ධීවර අමාත්‍යංශයටත් බලවත් ලෙස ස්තූතිවන්ත වන බවත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ දැඩි උනන්දුව මත මෙම කටයුතු ඉතා ඉක්මණින් සිදු කිරීම ගැන ජනාධිපතිතුමා ඇතුලු ධීවර අමාත්‍යවරයාටද ස්තූතිවන්ත වන බව ද ප්‍රකාශ කළේය.

මෙහිදි නිල්වැල්ල, සුදුවැල්ල, ගාල්ල ඇතුලු ධීවර වරායන් විශාල ප්‍රමාණයක්ද ධීවර අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර ඒවායේ සියලු අඩුපාඩුකම් සපුරාලීම සදහා ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා, වරාය සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

WhatsApp Image 2024 06 29 at 1.25.50 PM

WhatsApp Image 2024 06 29 at 1.25.55 PM

WhatsApp Image 2024 06 29 at 1.25.49 PM 1

Youtube