461350851 1111302560365972 5802341464175565699 n

ධීවර ප්‍රජාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව වෙත මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ තුළින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත. සහනාධාරය සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟා සිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්ව ඇත.

නවතම පුවත්

Youtube